පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම විශේෂ අභියාචනා පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව කෙරෙන පරීක්ෂණ හමුවේ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින්, එය වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා මීට පෙර අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි.
කෙසේ වෙතත්, එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ අතර, එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඇත.
Former President Gotabaya Rajapaksa Appeals to Supreme Court Over Terrorism Prevention Law
In a significant legal move, former President Gotabaya Rajapaksa has filed an appeal with the Supreme Court, challenging a decision by the Court of Appeal that dismissed his request for an order to prevent his arrest under the Prevention of Terrorism Act related to investigations into the Easter Sunday terrorist attacks.
This special appeal lists the Inspector General of Police and the Director of the Criminal Investigation Department among the respondents. Rajapaksa's concern stems from the looming possibility of his detention in connection with the ongoing investigations into the series of attacks that took place on Easter Sunday.
Previously, he had sought the intervention of the Court of Appeal, requesting a writ order to preempt his arrest based on the provisions of the Prevention of Terrorism Act. However, the Court of Appeal ruled against his petition without a hearing, prompting Rajapaksa to escalate the matter to the Supreme Court.
With the appeal now in the hands of the nation's highest court, attention remains focused on how this legal battle will unfold amid the backdrop of ongoing investigations into the tragic events that shocked the country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නඩුත් පාස්ටර්ගෙ, බඩුත් පාස්ටර්ගෙ.
ReplyDelete22 සම්මත කරගත්තෙ ඔය ටික කරව ගන්ඩ තමයි.