අතුරුගිරිය ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථයකට තාවකාලික ධාවන තහනමක් පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
පසුගිය 08 වැනිදා අලුයම 5.20 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදීය.
අතුරුගිරිය සිට පිටකොටුව බලා ධාවනය වන 'NC-9510' දරන පෞද්ගලික බස් රථය, බස් නැවතුම්පොළේ නැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ 'CM 02' දරන මෙට්‍රෝ බස් රථයේ ගැටී ඇත.
අනතුර සිදුවීමත් සමග අදාළ පෞද්ගලික බස් රථය පැය භාගයකට ආසන්න කාලයක් මාර්ගය හරස් වන සේ නවතා තැබීම හේතුවෙන් උදෑසන රාජකාරි සඳහා පිටත්ව ගිය මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබිණි.
මීට දින තුනකට පෙර ද අදාළ පෞද්ගලික බස් රථය මගින් හිතාමතාම මෙට්‍රෝ බස් රථයක පැති කණ්ණාඩියක් කඩා දමා ඇති බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානයේ මැදිහත්වීම මත අදාළ පෞද්ගලික බස් රථය මෝටර් රථ පරීක්ෂකවරයකු ලවා විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී එම බස් රථය නිසි ප්‍රමිතියෙන් යුතුව නඩත්තු කර නොමැති බව තහවුරු වීම හේතුවෙන්, මෝටර් රථ පරීක්ෂකවරයා විසින් ඊට එරෙහිව මෙලෙස තාවකාලික ධාවන තහනමක් පනවා තිබේ.
අනතුරට සම්බන්ධ බස් රථ දෙකෙහිම රියදුරන් වෛද්‍ය පරීක්ෂාවකට යොමු කර ඇති අතර, ඔවුන් කිසිවෙකුත් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව එම පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වී ඇත. අනතුර සිදුවූ ආකාරය පැහැදිලිව සටහන්ව ඇති සීසීටීවී දර්ශන ද සමගින් සිද්ධියට අදාළ සම්පූර්ණ වාර්තාවක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Temporary Ban on Private Bus Operations Following Collision with Metro Bus in Athurugiriya
Authorities have imposed a temporary ban on the operations of a private bus following a collision with a metro bus in the Athurugiriya area. The incident took place on the morning of the 8th at approximately 5:20 AM, in front of the 170 bus halt in the city.
The private bus, designated 'NC-9510', was maneuvering in reverse on the main road to halt at the bus stop when it collided with a metro bus, marked 'CM 02', traveling from Millennium City to Colombo.
The accident resulted in the private bus obstructing the road for several hours, causing significant inconvenience to passengers who were on their way to work in the early morning hours.
Interestingly, just three days prior to this incident, the same private bus was reportedly involved in damaging the side mirror of another metro bus, further raising concerns over its operational standards.
In response to the collision, the Athurugiriya police intervened, prompting a thorough inspection of the private bus by a motor vehicle examiner. The inspection confirmed that the bus had not been maintained according to required standards, which led to the enforcement of the temporary ban.
Both drivers involved in the accident have been sent for medical examinations, with reports confirming that neither had consumed any narcotics. Full documentation of the incident, supplemented by CCTV footage, is set to be submitted to the Kaduwela Magistrate's Court for further proceedings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

api malimawata...mama harakek hutto...um...be...he....
ReplyDelete