අද (17) දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමට ප්රධානතම හේතුව ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයේ ජනන යන්ත්රයකට අකුණු සැර වැදීම බව බලශක්ති නියෝජ්ය අමාත්ය අක්රම් ඉල්ලියාස් මහතා අනාවරණය කරයි.
නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, ඉහළ කොත්මලේ බලාගාරයේ පවතින ප්රධාන විදුලි ජනන ඒකක දෙකෙන් එකකට එල්ල වූ ප්රබල අකුණු සැර වැදීමත් සමඟ හටගත් කාර්මික දෝෂය හේතුවෙන් ජාතික පද්ධතියේ සංඛ්යාතය සහ විදුලි සමතුලිතතාව එකවර බිඳවැටී දිවයින පුරා විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිටි බවයි.
මේ අතර, අක්රියව පැවති ජාතික විදුලි සම්ප්රේෂණ පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවත්, පාරිභෝගිකයින් වෙත විදුලිය ලබා දෙන බෙදාහැරීමේ පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් මේ වන විට අඛණ්ඩව ක්රියාත්මක බවත් පද්ධති ක්රියාකරු සමාගම නිවේදනය කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ සහ පද්ධති මෙහෙයුම් ඉංජිනේරුවන්ගේ දැඩි පරිශ්රමයෙන් අනතුරුව ප්රධාන අධිබලැති සම්ප්රේෂණ ජාලය මේ වන විට මුළුමනින්ම සක්රීය කර ඇති අතර, කලාප මට්ටමින් උපපොළවල් හරහා ගෘහස්ථ හා වාණිජ පාරිභෝගිකයින් වෙත විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටී.
අද පෙරවරුවේ හටගත් මෙම හදිසි විදුලි බිඳවැටීමත් සමඟ දිවයින පුරා රෝහල්, මහාමාර්ග සංඥා සහ පොදු සේවාවන් දැඩි අර්බුදයකට ලක්වූ අතර, ජාතික ජල සම්පාදන මණ්ඩලය ද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජල පොම්පාගාර අක්රිය වීම හේතුවෙන් පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.
මීට අමතරව, ජාතික පද්ධතියේ හටගත් මෙම කම්පනයත් සමඟ මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම එකවර විසන්ධි විය. එම ගල් අඟුරු ජනන යන්ත්ර යළි පණගන්වා පද්ධතියට එක් කිරීමට දින දෙක තුනක කාලයක් ගත වනු ඇත.
Lightning Strike Causes Widespread Power Outage Across Sri Lanka
Today, Sri Lanka experienced a significant nationwide power outage due to a lightning strike hitting a generator at the Upper Kotmale Hydro Power Plant, as revealed by Deputy Minister of Power and Energy, Akram Iliyas.
The Deputy Minister explained that a powerful lightning strike on one of the two main generating units at the Upper Kotmale facility led to an operational failure that disrupted the national grid's frequency and resulted in a total blackout across the country.
Following the incident, the national electric transmission system has been fully restored, with efforts actively underway to reinstate the distribution network supplying electricity to consumers. The system operator confirmed that restoration operations are continuously progressing.
Thanks to the dedicated efforts of engineers from the Ceylon Electricity Board and system operations, the primary high-voltage transmission network has been fully activated, and measures are being taken to rapidly restore electricity to residential and commercial customers through local distribution networks.
The sudden blackout, which occurred earlier today, severely disrupted hospitals, traffic signals, and essential services nationwide. Additionally, the National Water Supply and Drainage Board urged the public to conserve water due to the inactivity of water pumping stations caused by the power failure.
Moreover, the disruption in the national system caused all three generating units at the Norochcholai Lakvijaya coal power plant, with a capacity of 900 megawatts, to shut down simultaneously. It is expected to take two to three days to bring these coal-generating units back online and re-integrate them into the system.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තොපි කියන, කරන බොරු ව හැටියට තොපිට හෙන හතක් තවම වැදුණේ නැති එක පුදුමයි 😡🤮 කාලකණ්නි, පාහර, දේශ ද්රෝහී ජෙප්පෝ, තොපිට තොපේ නීතියේ රැකවරණය තිබුණත් ඉතාම නුදුරේදී ස්වභාවධර්මය විසින් නිසි දඬුවම් ලබා දෙනවා නියතයි!
ReplyDeleteඅඩු ගානේ මේ අක්රම් ඉල්ලියාස් වත් විරුද්ධ නෑ ඤාණසාර හාමුදුරුවන්ට නිදහස දෙනවට. මුගේ තාත්ත මට හම්බ වෙලා තියෙනවා මීට අවුරුදු කීපයකට පෙර, මෑන් වුණත් කිව්වේ ඤාණසාර හාමුදුරුවො කිව්වෙ ඇත්ත, ඒ කාලේ පොඩියට කපල දාන්ඩ තිබුණ පැලේ, මහ ගහක් වෙනකම් තියෙන්ඩ ඇරියා කියලා, ඔය ඉස්ලාම් ත්රස්ථවාදය සම්භන්ධව. කිසිම තරහක් පෙන්නුවෙ නෑ ඤාණසාර හාමුදුරුවෝ එක්ක.
ReplyDeleteකෙසේ නමුත් මෙම ප්රහාරය නිසා මුස්ලිම් සමාජයට සිදුවුණ විශාල විනාශය (විශේෂයෙන් සිංහළ පවුල් වල දැරියන් මුස්ලිම් පවුල් වලට සම්භන්ධ වීමේදී සිංහල දෙමාපියන් දක්වන්නට පටන් ගත් උග්ර විරෝධය) නිසා, ඔවුන්ගේ උලමා වරුන්ගේ එකම ඉල්ලීම එම ප්රහාරය ගෝඨාභය රාජපක්ෂ විසින් දේශපාලන අරමුණු සඳහා සිදු කල එකක් බව සමාජයට ඔප්පු වන සේ සාක්ෂි සහිතව පෙන්වා ඔහු පිට පැටවීම. මුස්ලිම් මිනිස්සුන්ට පරිප්පු වෙනුවට කිරි හොදි දෙන්ඩ එපා කියලා කිව්වා අපි හැමෝම ඉන්න තැන මූණට. ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්රහාරයට ඇතුලට දාන්ඩ බැරි නම්, ඒක උලමා වරුන්ට පැවසීම විනා, සිල්ලර ලොසින්ජර් විසි කරලා උන්ව අන්දන්ඩ හිතන්ඩ එපා. පලස්තීනය වෙනුවෙන් පෙනී ඉඳලා එහෙන් ඇණ ගත්තා ජාත්යන්තරය හමුවේ. මොනවද බන් මේ කරණ මඟුල්.
බලාගාරයට වඳුරෙක් නෙමෙයි අකුණක් වැදිලා
ReplyDelete