දඹුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේ පිහිටි ඖෂධ අලෙවිසලක සවිකර තිබූ දැන්වීම් පුවරුවක් ඉවත් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්, දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සහ අදාළ ඖෂධසල් හිමිකරු අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින්ම දඹුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මංජුල අතුකෝරාල නමැත්තා තමන්ට පහර දුන් බවට ඖෂධ වෙළෙඳසලේ හිමිකරු වන සුගත් සෙනවිරත්න නමැත්තා පොලිසියට පැමිණිලි කර ඇත.
අදාළ දැන්වීම් පුවරුව නගර සභාවට නියමිත මුදල් ගෙවා නීත්‍යනුකූලව සවිකර තිබියදී, නගර සභාවේ පාලක පක්ෂයට හිතවත් වෙනත් වෙළෙඳසල් හිමිකරුවෙකුගේ අවශ්‍යතාවක් මත එය ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවූ බව ඖෂධසල් හිමිකරු සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙයි.
මේ අතර, ඖෂධ වෙළෙඳසලේ හිමිකරු තමන්ට පහර දුන් බව පවසමින් නාගරික මන්ත්‍රී මංජුල අතුකෝරාල මහතා විසින්ද දඹුල්ල පොලිසියට ප්‍රතිපැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, පහර කෑමට ලක්වූ බව කියන කිසිදු පාර්ශ්වයක් රෝහල්ගතව නොමැති බව පොලිසිය තහවුරු කරයි.
මෙම ගැටුම්කාරී තත්ත්වය හටගත් අවස්ථාවේදී දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා විසින් දඹුල්ල පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් එම ස්ථානයට ගොස් පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දෙපාර්ශ්වය අතර පැවති උණුසුම් තත්ත්වය සමනය කිරීමට පියවර ගෙන ඇත.
Altercation Erupts Over Sign Removal at Dambulla Bus Station
A dispute has arisen between a municipal council member and the owner of a pharmacy in Dambulla, following the removal of a promotional sign from the premises located at the main bus terminal. Both parties have lodged complaints with the Dambulla Police regarding the incident.
Manjula Athukorala, a councilor representing the Dambulla Municipal Council, reported to the police that he was assaulted by Sugath Senavirathna, the pharmacy owner. The sign in question was legally installed after fee payment, but an attempt to remove it at the behest of another shop owner aligned with the ruling party led to a heated confrontation, which escalated into the alleged assault, according to Senavirathna's complaint.
In a counterclaim, Senavirathna alleged that he too was assaulted by the councilor and has filed a report with the Dambulla police. However, law enforcement has confirmed that neither party involved has required hospitalization due to the altercations.
At the time of the incident, Dambulla Mayor Vasantha Kumara Rajamanthri intervened by contacting the police, advising them to investigate the situation at the scene.
Following the mayor's directive, a police team arrived to deescalate the tense situation between the two parties.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මීට වඩා වැදගත් වන්නේ අපේ ජනාධිපති තුමා සහ විජිත හේරත් ඇමැති තුමාට තවමත් හරියට සිංහල වචන ශබ්ද කිරීමට නොහැකි වීමයි. ඔවුන්ට ප්‍රාදේශීය කියන වචනය වත් කියාගන්නට බැරි වීම රටේ අවාසනාවකට සිදුවන දෙයක්. ඔවුන් කියන්නේ ප්‍රාදේසීය කියලා.
ReplyDeleteදැනට උසාවි වලින් දෙන නඩු තීන්දු නම් කැකිල්ලේ රජතුමාගේ තීන්දු ගානට වැටිලා තියෙන්නේ. නීතිය මෙතරම් පහලට වැටී ඇති වෙනත් කිසිදු රටක් ලෝකයේම නොමැති බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අපි ජනතාව ලෙස විනිසුරු තුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ නීතිය ගරු කටයුතු ලෙස හසුරුවන ලෙසයි
ReplyDelete