මිඩ්වයිෆ්ලාට ස්කූටර් දෙනවා..


නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියග මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණි.

වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලැබූ මෙම නිලධාරිනියන්, දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කෙරේ. 

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවය, ජනතාව වෙත සෞඛ්‍ය සේවාවන් වඩාත් සමීපව හා අඛණ්ඩව සැපයීමේදී සුවිශේෂී වැදගත්කමක් උසුලයි.

නවක නිලධාරිනියන් 1056 දෙනෙකු සෞඛ්‍ය සේවයට එක්වීම එම සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් දායකත්වයක් සපයනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය කාල වකවානුවක මෙම පත්වීම්ලාභි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සෞඛ්‍ය සේවාවට එක්වන බවත්, වත්මන් සෞඛ්‍ය සේවාව ගමන් කරන දිශානතිය නිවැරදිව දැන සිටීම මගින් ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේදී එය වඩා පහසුවක් වනවා මෙන්ම එම ගමන් මගට බාධාවන් විය හැකි විවිධ වෘත්තීන් අතර වන හැලහැප්පීම් අවම කර ගැනීමටද පහසුවක් වනු ඇති බව ද පැවසීය.

පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා මෙරට සියලු ජනතාවට නිරෝගිමත්, සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" වැඩපිළිවෙළ තුළ රජය සියලු අංශ මෙහෙයවන බවද මෙතුවක් කල් එම ඉළක්කය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කරුණු කාරණා සොයා බලා ඊට පිළියම් යොදන බවද පැවසීය.

පිළිසිඳ ගැනීමේ සිට  වියපත් වන තෙක් මුළු ජීවන චක්‍රයටම පුද්ගල කේන්ද්‍රිය මැදිහත්වීමකින් යුත් සෞඛ්‍ය සේවාවෙන් අවශ්‍ය වන බවත් එම අරමුණු සහතික කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සෞඛ්‍ය ජයග්‍රහණ සඳහා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් සෞඛ්‍ය වෘත්තිකයින් ක්ෂෙත්‍රයේ සිදු කරන ලද දායකත්වය  මෙහිදී ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා එම වෘත්තිකයින් විසින් ප්‍රතිශක්තිකරණය, ළමා ලදරු පෝෂණය, ළදරු මරණ අනුපාතිකය අඩුකර ගැනීම ආදි මාතෘ හා ළදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් මුළු ලෝකයටම ආදර්ශයක් ලබාදිය හැකි අප රටටම ආවේණික ආකෘතියක්   නිර්මාණය කර ඇති බවද පැවසීය.

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ එම අත්දැකීම් ද යොදා ගනිමින් රජය ක්‍රියාත්මක කරනු ලබන ‍ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ප්‍රබල කොටස්කරුවන් වන බව ද  පසුගිය මාර්තු මස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976 ක් බඳවා ගත් බවත්, තවත් 39 පත්වීම් ලබාදිය යුතුව ඇති බවත්, ඒ අනුව මෙම වසර 02 තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2071 ක්  බඳවා ගැනීමටත් උසස්වීම්, දීමනා සහ පුහුණු ලබාදීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2900 කට පමණ  දෙසැම්බර් මස  වනවිට ස්කූටි වර්ගයේ යතුරුපැදි ලබාදීමටත්, වසර කිහිපයක් තුළ ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාටම ස්කූටි වර්ගයේ යතුරු පැදී ලබාදීම රජයේ පරමාර්ථය බවද පැවසු අමාත්‍යවරයා, රාජ්‍ය සේවාවෙි මානව සම්පත ශක්තිමත් කිරීමේ බඳවා ගැනීමි සිදු කිරීමෙි  දී වැඩිම පිරිසක්  බඳවාගෙන ඇත්තේ සෞඛ්‍ය සේවාව සඳහා වන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද මෙහිදී අදහස් දක්වන ලදි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම්වරුන්වන චාමික එච්. ගමගේ,  හර්ෂණී සිරිනාම යන මහත්ම මහත්මීන් මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.





1056 New Family Health Service Officers Appointed in Sri Lanka

An official ceremony to issue appointment letters to 1,056 newly trained Family Health Service Officers was held at the Araliya Mandiraya under the leadership of Minister of Health and Mass Media, Dr. Nalinda Jayatissa.

These officers have successfully completed a year-long, rigorous training program and will be assigned to hospitals and health institutions across the country, operating under provincial councils and the health ministry.

Family Health Service Officers play a crucial role in maternal and child health care, ensuring that health services are delivered more closely and continuously to the public, which significantly enhances the overall outreach of healthcare in the community.

The addition of these 1,056 officers is expected to strengthen the health service further and improve the accessibility of healthcare services throughout the nation.

In his remarks, Minister Dr. Nalinda Jayatissa pointed out that these new appointments occur during a transformative time for the health sector. He emphasized the importance of having a comprehensive understanding of the current direction of health services, which would enhance the efficiency of delivering healthcare to the people while minimizing disruptions among various professional sectors along the way.

He also asserted the government's commitment to ensuring that all citizens lead healthy lives through the "Rich Nation, Beautiful Life" initiative, stating that various factors hindering progress towards this goal would be investigated and addressed appropriately.

Highlighting the necessity of a people-centered approach in health services, the minister stated that actions must be taken to secure the objectives of health delivery across an individual's entire life cycle.

The contributions of public health professionals in achieving health milestones were recognized, with the minister noting that the nation has established a unique model in maternal and child health by significantly improving vaccination, child nutrition, and reducing infant mortality rates to be a benchmark for the world.

Leveraging the experiences of professionals in the public health sector, the government is reinforcing primary health services, with family health service officers identified as key stakeholders. The minister also announced that in March alone, 976 family health service officers were recruited, with an additional 39 appointments pending, bringing the total to 2,071 over two years for recruitment and enhanced training programs.

To provide efficient health services to the public, the government plans to supply scooters to approximately 2,900 family health officers by December, aligning with the overarching goal of facilitating health delivery for all those working in the field.

The Secretary of the Ministry of Health and Mass Media, Dr. Anil Jasinghe, and the Director General of Health Services, Dr. Asela Gunawardena, also shared their insights at the event.

Attending the ceremony were distinguished officials including Additional Secretaries, Deputy Directors General, senior assistant secretaries, and other ministry personnel.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. වපර වසන්තOctober 6, 2026 at 2:28 AM

    මචං, ස්කූටර් වලින් කීයක් කොමිස් දෙනවද?

    ReplyDelete
    Replies
    1. Tikak madi wage ne...Oya hamadama ahana prashna ne...Commision gana nam Maina gen ahapan hariyata kiyai🤣🤣🤣🤣

      Delete
    2. වපර වසන්තOctober 6, 2026 at 4:28 AM

      ඒක හරි. මටයි වැරදුනේ, මට කලින්ම අහන්ඩ තිබුනෙ පැලවත්තෙ අපේ ඩයි මයින සහෝදරයගෙන්.

      Delete
    3. ඉස්පිරිතාලේ බෙහෙත් නැතත් කමක් නෑ ස්කූටි තියනවනේ 🤦‍♂️

      Delete
  2. ඇයි විට්ස් කාර් දෙන්න බැරි.
    ඒවා බ්‍රෑන්ඩ් නිව් එකක් ලක්ෂ 12ට ගන්න පුළුවන්නේ.

    ReplyDelete
  3. නංගි තැලෙයි.

    ReplyDelete
  4. එතකොට කොයි බොත්තමක් ඔබලා ද ඔය මිඩ් වයිෆ් ගෙන්වා ගන්නේ? මහරගම පිලිකා රෝහලේ රෙදි පටියක් වත් නොමැතිව ලෙඩුන් මිය යනවා. ඔය තරම් සල්ලි තියෙනවා නම් කොහොමද රෝහල් දුක් විඳින්නේ ?

    ReplyDelete
  5. එකක් ලක්ෂ 250 ගානේ ගෙන කැබ් වලින් එකක් දෙන්න බෑ ........?????

    ReplyDelete
  6. කිය කිය ඉන්නැතුව දීපංකො.උබලා දෙනවා කරනවා ගැන කියවනව විතරයි. එතනින් එහාට වැඩ නෑ.ඒ ගැන මතක් කරහම එහෙම දෙයක් කිව්ව නෑ ඔන්න ඕක තමයි උත්තරේ.උඹලා සාපයක් රටට.

    ReplyDelete
  7. පිලිකා රෝහලේ බෙහෙත් නෑ කියලා කතරගම දේවාලෙන් ඒවා දෙනවලු. මූ ස්කූටර් ගන්න යනවා කොමිස් කාක්කා. මෙ රටේ තාම මිඩ් වයිෆ් ග්‍රාමසේවක තනතෘ තියෙනවා කොලොනියල් කාලෙ වගේ. මේවා අහෝසි කරලා රෝහල් ගම් වල් හදන්න ඕන. ප්‍රාලේ කාර්‍යාල යට ගිහින් කරගන්න් පුලුවන් ඒවා ග්‍රාමයා ලගට යන්න ඕනා නෑනෙ. ග්‍රාමයාත් ප්‍රාලේ එකට දාලා ග්‍රාමසේවක තනතුර නැති කරන්න. යල් පැනගිය විකාරා. රටේ සල්ලි නාස්ති වෙනවා විතරයි

    ReplyDelete
Previous Post Next Post