නාමල්ට චෝදනා පත්‍රයක් නෑ.. නඩු විභාගයක් නෑ.. හැබැයි හිරේ තියන් ඉන්නවා..


 නාමල් රාජපක්ෂ කෙඳිරි ගාන්නේ නැහැ. අපි කෙඳිරි ගාන්නේ නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා. විමර්ශනය කරලා, චෝදනාව පහදලා දීලා, චෝදනා පත්‍රයක් දීලා, යම්කිසි නඩු විභාගයක් පවත්වලා, සාධාරණ නඩු විභාගයක් පවත්වලා, ඒ තුළින් සාක්ෂි ලැබෙනවා නම් චූදිතයා දඬුවම් කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂට තියෙන චෝදනා මොනවාද කියලා කියලා දීලා තියෙනවාද? නැහැ. චෝදනා පත්‍රයක් දීලා තියෙනවාද නාමල් රාජපක්ෂට? නැහැ. නාමල් රාජපක්ෂට විරුද්ධව නඩු විභාගයක් කරලා තියෙනවාද? නැහැ. හැබැයි හිරේ ඇතුලේ තියන් ඉන්නවා. මෙන්න මේක තමයි අපි කියන අයුක්තිය. මෙන්න මේක තමයි අපි කියන අසාධාරණය යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ "යුක්තිය වෙනුවෙන් නැගිටිමු"සම්මන්ත්‍රණ මාලාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

"මේ රටේ යුක්තිය ගැන හඬගාලා කියන්න සම්මන්ත්‍රණ මාලාවක් ලෑස්ති කරලා තියෙනවා. අපේ පක්ෂයේ ඒක පළවෙනි සම්මන්ත්‍රණය. ඉතාම සාර්ථකව අද දින කළුතර දිස්ත්‍රික්කයේ පැවැත්වීම සම්බන්ධයෙන් මුලින්ම පක්ෂය වෙනුවෙන් සංජීව එදිරිමාන්න මැතිතුමා ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකයින්ට පක්ෂයේ ප්‍රණාමය පුද කර සිටිනවා.  

​මේ අපි කතා කරන්නේ මේ රටේ නීතිය සුරැකීම, එහෙම නැත්නම් අපේ හාමුදුරුවනේ නීතියේ ආධිපත්‍යය ගැන.  

​මේ රටේ නීතිය කියන දේ ගත්තොත්, ඒ නීතියේ තියෙනවා ආයතන කීපයක්. නීතිය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා පොලීසිය සහ අල්ලස් කොමිෂන් සභාව. ඊළඟට අධිකරණය තියෙනවා. අධිකරණයට සහය වීම සඳහා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව. ඊට පස්සේ කිසියම් පුද්ගලයෙක් වැරදිකරුවෙක් වුණොත්, ඒ දඬුවම් පැමිණවීම සඳහා තියෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව. මෙන්න මේ ආයතන ටික හරහා තමයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ.  

​එතකොට මේ නීතිය ක්‍රියාත්මක වෙන ආයතන කියන්නේ දේවාලයක් වගේ පාරිශුද්ධව තියෙන්න ඕන තැන් ටිකක්. ඒක නිසා තමයි රටක නීතිය ක්‍රියාත්මක වෙන ආයතනවල කිසිම නිලධාරියෙක්ට දේශපාලන අයිතියක් නැත්තේ. පොලීසියේ, ඒ වගේම අධිකරණයේ, මේ නිලධාරීන්ට දේශපාලන හිමිකම් නැහැ. මොකද ඔවුන්ට දේශපාලනය අයිති නැති නිලධාරීන්. ඔවුන් මේ රටේ සියලු ජනතාවට, ඔවුන්ගේ දේශපාලන මතයද, ආගමද, ඔහු විශ්වාස කරන කිසිම දෙයක් ගැන බලන්නේ නැතුව සර්ව සාධාරණව නීතිය ඉෂ්ට කරන්න බැඳෙන්න ඕන නිසා.  

​දැන් අපි ගමු ලංකාවේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපේ හාමුදුරුවනේ අපේ පොලීසිය. අපේ පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හැටියට ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ, මාලිමාවේ වේදිකාවේ කටයුතු කරපු පුද්ගලයෙක්. පොලීසියෙන් විශ්‍රාම ගිහිල්ලා මාලිමාවේ වේදිකාවට වෙලා මේ පක්ෂය දිනවන්න කටයුතු කරපු පුද්ගලයෙක්ව අනුර කුමාර දිසානායක ජනාධිපති ජනාධිපති වුණාට පස්සේ කැබිනට් පත්‍රිකාවක් තුළින් නැවත සේවයට අරගෙන පොලීසියේ ප්‍රධානම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හැටියට පත් කරනවා.  

​දැන් මෙතන කොහෙද නීතියක් තියෙන්නේ? නීතිය ක්‍රියාත්මක වීමේ සාධාරණත්වයක් තියෙන්නේ?  

​ඊළඟට අනිත් එක තමයි අල්ලස් කොමිසම, එහෙම නැත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව. මේක බොහොම ශක්තිමත්ව බලතල සහිතව නිර්මාණය කරපු දෙයක් මේ රටේ අල්ලස සහ දූෂණය මර්දනය කරන්න. මේ අල්ලස සහ දූෂණය මර්දනය කරන්න නිර්මාණය කරපු මේ ආයතනයේ ප්‍රධානම චරිතය වෙන අධ්‍යක්ෂ ජෙනරාල් චරිතයට පත් කරගන්නවා මේ ආණ්ඩුව ආපු වහාම වත්මන් ඔය රංග දිසානායක කියන පුද්ගලයා.  

​ඔහු පත් වෙලා ඉතාම කෙටි කාලෙකින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක මහතා කියනවා, 'මොහු දේශපාලනයෙන් වියුක්ත පුද්ගලයෙක් නෙමෙයි. මොහු සක්‍රීයව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ යෙදිච්ච අපේ නීති අංශයේ වැඩ කරපු පුද්ගලයෙක්' කියලා. 'මගේ ළඟ ඕන නම් ලිඛිත සාක්ෂි තියෙනවා' කියලත් කියනවා.  

​දැන් මේ වගේ මේ දේවාලයක් වගේ හදපු ආයතනයක ප්‍රධානියෙක්ට මෙහෙම චෝදනාවක් ආවහම මේක බොරු නම් ඔහු කරන්න ඕනේ වහාම මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක. ඔහු කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. හැබැයි නන්දන ගුණතිලක මහතා ඉතාම අභිරහස් ආකාරයට මරණයට පත් වෙනවා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදටත් කටයුතු කරනවා.  

​හැබැයි ඔහුට විරුද්ධව පුද්ගලයෙක්, ඔහු විසින් නඩු පවරපු පුද්ගලයෙක් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් දෙනවා, 'මාව කාමරයට එක්කන් ගිහිල්ලා, මට මරණ තර්ජන කරලා, මහින්ද රාජපක්ෂගේ, නාමල් රාජපක්ෂගේ නම ලියලා අත්සන් කරපන් කියලා බලහත්කාරයෙන් මගෙන් අත්සන ගත්තා' කියලා. අද වෙනකල් ඒක ගැන විමර්ශනයක් නැහැ.  

​හැබැයි මෙන්න මේක තමයි මේ ලංකාවේ නීතිය අවභාවිතා කරන ආකාරය මේ රජය විසින්.  

​ඊට පස්සේ මේ දඬුවම් ලබා දෙන්න තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, තුෂාර උපුල්දෙණිය මහත්තයා. එතුමා ඉතාම සාධාරණව කිසිම පක්ෂයකට සම්බන්ධ නැතුව අවංකව රාජකාරි කරපු නිලධාරියෙක්. ඔහුව ඉවත් කරනවා. ආපු ගමන් ඔහුව ඉවත් කරනවා. ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට ගිහිල්ලා මේ පිළිබඳ පැමිණිල්ලක් කරනවා. ඒ පැමිණිල්ලට මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් කරලා අධිකරණ අමාත්‍යාංශයට නියෝග කරනවා මේ ඉවත් කිරීම වැරදියි, වහාම මෙතුමාව සේවයේ පිහිටුවන්න කියලා. දැන් ඒ නියෝගය දීලා මං හිතන්නේ මාස හයක් විතර වෙනවා, අද වෙනකල් අධිකරණ අමාත්‍යාංශය ඒක ක්‍රියාත්මක කරලා නැහැ. ඒ කියන්නේ ඒ ස්ථාන වල තමන්ට අවශ්‍ය පුද්ගලයින් තබාගෙන ඉන්නවා.  

​නාමල් රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම. අපේ හාමුදුරුවනේ, මේක ගැන කතා නොකර අපිට මේ වෙලාවේ මේ රටේ නීතිය, යුක්තිය ගැන කතා කරන්න බැහැ. අවුරුදු 13කට කලින් වෙච්ච සිදුවීමක්. ඒ සිදුවීමේ අවුරුදු 13කට කලින් පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධයි. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ යන අතරේ ඒ එක් පුද්ගලයෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. ඔහුගෙන් ප්‍රකාශයක් ගන්නවා, 'මම නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මේසයේ මෙන්න මෙච්චර සල්ලි ප්‍රමාණයක් තිබ්බා' කියලා. ඒක උඩ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහතිකයක් නිකුත් කරනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට මහේස්ත්‍රාත්තුමාට ඇප ලබා දිය නොහැකි ලෙස එතුමාව බන්ධනාගාරගත කරන්න.

​දැන් මෙතන කොහෙද යුක්තියක් තියෙන්නේ? මේ රටේ කොහෙද සාධාරණත්වයක් තියෙන්නේ?  

​ඇයි අපිට නීතියක් ඕනේ? අපිට නීතියක් අවශ්‍ය මොකද? අපි දැක්කා 1987, 88, 89 කාලයේ මේ රටේ නීතියක් තිබුණේ නැහැ. මේ රටේ යුක්තියක් තිබුණේ නැහැ. හවසට කුප්පි ලාම්පුව පත්තු කරන්න එපා කිව්වා, ගෙදර ලයිට් එක දාන්න එපා කිව්වා. දැම්මද ගෙදෙට්ට ඇවිල්ලා වෙඩි තියලා මැරුවා. අන්න ඒ විදිහටයි නීතිය ක්‍රියාත්මක කළේ. ඡන්දේ දාන්න යන්න එපා කිව්වා, ඡන්දේ දාන්න ගිය මිනිස්සුන්ගේ අත් කැපුවා. මේ ආකාරයට තමයි. කඩ අරින්න එපා කියලා තුන්ඩු කෑල්ල යැව්වේ.

ඔබවහන්සේලාට මතක ඇති අපේ හාමුදුරුවනේ මුළු ටවුම් පිටින් වහලා තිබුණා, මළගෙවල් වගේ තිබුණා. මේක තමයි නීතිය නැති රටක වෙන්නේ.  

​රටක නීතියක් ඕනේ, අපිට නීතිය වටින්නේ ඇයි? අද මෙතන ඉන්න දෙමාපියන්ගේ අහිංසක තරුණ දූවරු ටියුෂන් ක්ලාස් එකකට ගිහිල්ලා හවසට ගෙදර එනකොට ඔබලා බය නැතුව ගෙදරට වෙලා ඉන්නේ මේ රටේ නීතියක් තියෙනවා කියලා දන්න හින්දා. කාටවත් ඔවුන්ට කරදරයක් කරන්න බැහැ, ක්‍රියාත්මක වෙන නීතියක් තියෙනවා කියලා දන්න හින්දා. මෙතන ඉන්න අම්මලා තාත්තලාගේ තරුණ පුත්තු තරුණ ජවය එක්ක එළියට ගිහිල්ලා සමාජය එක්ක ගැටෙනකොට බය නැතුව ගෙදරට වෙලා ඉන්නේ දන්නවා මේ රටේ නීතියක් තියෙනවා, එහෙම ඒගොල්ලොන්ට කාටවත් කරදරයක් කරන්න බැහැ කියලා.  

​හැබැයි මේ මොකක්ද කරන්න හදන්නේ? අද නාමල් රාජපක්ෂට තියපු අත හෙට ඔබගේ පුතාට තියෙන එකක් නැහැ කියලා තියෙන ඒ විශ්වාසනීයත්වය මොකක්ද? ගමේ ඉන්න ජේවීපී සමිතියේ ඒ අර කුහකයා, ඔබගේ දරුවා එක්ක පාරේ, ඔබේ තරුණ පුතා එක්ක පාරේ රණ්ඩුවක් වෙලා ඔහුට ඕන විදිහට ඔබේ දරුවා හැසිරුණේ නැත්නම් ඒ නීතිය ක්‍රියාත්මක කිරීම කොයි ආකාරයට වෙයිද කියන කාරණය සම්බන්ධයෙන් මොකක්ද තියෙන ඒ ගැරන්ටිය? මොකක්ද තියෙන ඒ ආරක්ෂණය? ඔබගේ තරුණ දියණිය එළියට ගියාම ගමේ ඉන්න ජේවීපී කාරයාට ඒ කෙල්ල ගැන හිතක් පහළ වුණොත් එයා නිරුපද්‍රිතව ගෙදර එයි කියලා තියෙන මොකක්ද ආරක්ෂණය? මෙන්න මේ ආරක්ෂණයට තමයි අපිට මේ රටේ නීතිය තියෙන්න ඕනේ.  

​ඒක නිසා තමයි අපි නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියන්නේ, ලම්බට තියපු අත පුහුලටත් තියෙනවා අපේ හාමුදුරුවනේ. 

මෙන්න මේ කාරණය නිසා තමයි රටක නීතියක් තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණය නිසා තමයි මේ රටක නීතිය පැතිරෙන්න ඕනේ.  

​නාමල් රාජපක්ෂ කෙඳිරි ගාන්නේ නැහැ. අපි කෙඳිරි ගාන්නේ නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා. විමර්ශනය කරලා, චෝදනාව පහදලා දීලා, චෝදනා පත්‍රයක් දීලා, යම්කිසි නඩු විභාගයක් පවත්වල, සාධාරණ නඩු විභාගයක් පවත්වල, ඒ තුළින් සාක්ෂි ලැබෙනවා නම් චූදිතයා දඬුවම් කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂට තියෙන චෝදනා මොනවාද කියලා කියලා දීලා තියෙනවාද? නැහැ. චෝදනා පත්‍රයක් දීලා තියෙනවාද නාමල් රාජපක්ෂට? නැහැ. නාමල් රාජපක්ෂට විරුද්ධව නඩු විභාගයක් කරලා තියෙනවාද? නැහැ. හැබැයි හිරේ ඇතුලේ තියන් ඉන්නවා. මෙන්න මේක තමයි අපි කියන අයුක්තිය. මෙන්න මේක තමයි අපි කියන අසාධාරණය. 

​හැබැයි මේ අද නාමල් රාජපක්ෂට කරන අසාධාරණය හෙට අපේ පන්සලේ හාමුදුරුවන්ට නොකරයි කියලා මොකක්ද තියෙන ආරක්ෂණය? හෙට ඔබේ තරුණ දරුවාට නොකරයි කියලා මොකක්ද තියෙන ආරක්ෂණය? මෙන්න මේක තමයි මේ සමාජයේ තියෙන ප්‍රශ්නය. අපි හැමෝම නැගී සිටින්න ඕනේ පොහොට්ටුව වෙනුවෙන්වත් නාමල් රාජපක්ෂ වෙනුවෙන්වත් නෙමෙයි. මේ රටේ නීතිය සුරැකීම, නීති අයිතිය ආරක්ෂා කරගෙන ඉන්න වෙනුවෙන් අපි ඔබම පුරවැසියන් හැටියට නැගී සිටින්න ඕනේ. 

​ පූජකවරයෙක් මීට කාලෙකට ඉහත කියපු කතාවක් කියලා මං ඔබගෙන් සමුගන්නම්. ඔහු කිව්වා:

'ඔවුන් පළමුව කොමියුනිස්ට්කාරයින් සොයාගෙන පැමිණියා. මම කොමියුනිස්ට්කාරයෙක් නොවන නිසා මා නිශ්ශබ්දව සිටියා. ඔවුන් ඊට පසු සමාජවාදීන් සොයාගෙන පැමිණියා. මා සමාජවාදියෙක් නොවන නිසා මා නිශ්ශබ්දව සිටියා. ඔවුන් ඊළඟට වෘත්තීය සමිති නායකයින් සොයාගෙන පැමිණියා. මා වෘත්තීය සමිති නායකයෙක් නොවන නිසා මා නිශ්ශබ්දව සිටියා. ඔවුන් ඊළඟට යුදෙව්වන් සොයාගෙන පැමිණියා. මා යුදෙව්වෙක් නොවන නිසා මා නිශ්ශබ්දව සිටියා. ඊළඟට ඔවුන් පැමිණියේ මා සොයාගෙන. හැබැයි එවිට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙක් ඉතිරි වී සිටියේ නැත.'  





Call for Justice: Sagara Kariyawasam Critiques Legal System Amidst Allegations Against Namal Rajapaksa

The issue surrounding Namal Rajapaksa's legal predicament has become a focal point for discussions on justice in Sri Lanka. Sagara Kariyawasam, the General Secretary of the Sri Lanka Podujana Peramuna, emphasized that while no formal charges or legal proceedings have been initiated against Rajapaksa, he remains incarcerated. “This is the injustice we are speaking about,” he asserted during a recent conference titled "Let’s Rise for Justice."

Kariyawasam elaborated that a robust legal framework exists in the country to investigate, charge, and trial individuals fairly when evidence is gathered. However, he questioned the absence of any charges presented against Rajapaksa, and lamented the lack of a trial despite the allegations. “What are the charges against Namal Rajapaksa? Have they been formally filed? No. Has there been a fair trial? No. Yet, he remains in jail. This is the very definition of injustice and unfair treatment,” he stressed.

During the conference, which marked the first in a series aimed at raising awareness about justice, Kariyawasam recognized the efforts of his party members, particularly those from the Kalutara District, for their contributions to the successful execution of this event.

He further pointed out the importance of preserving the rule of law and maintaining integrity in judicial processes. Highlighting the role of various institutions in upholding the law, he noted that the police and the bribery commission play pivotal roles in investigations, followed by the judiciary and the Attorney General's Department.

Moreover, Kariyawasam criticized the political involvement of officials within these institutions, arguing that personnel should not possess political affiliations to ensure fairness and neutrality. “Law enforcement and judicial officials must administer justice without political bias,” he stated.

He voiced concerns regarding the leadership of the Criminal Investigations Division (CID), which has been recently led by someone closely tied to the ruling party, further questioning the integrity of law enforcement. “Where is the justice when such individuals lead critical departments?” he asked rhetorically.

Discussions also turned to the Bribery Commission, established to combat corruption—an entity that has recently come under scrutiny for its leadership choices, which have raised doubts about its independence and effectiveness. “The director-general of this commission, appointed by the current government, is not seen as apolitical, and that raises questions about our fight against corruption,” he remarked.

In a broader reflection on justice in Sri Lanka, Kariyawasam highlighted the historical context wherein rights were often trampled during previous decades of unrest. “Our citizens should be able to lead their lives without fear; they must know that justice will protect them from harm,” he concluded.

Encouraging citizens to stand together for the future of the nation’s justice system, Kariyawasam addressed a shared concern regarding the implications of Rajapaksa's situation on ordinary Sri Lankans. “If we do not rise for justice now, how can we expect protection for our children and communities in the future?” he questioned.

Before concluding his remarks, he shared a poignant anecdote about the importance of vigilance in defending one’s rights, illustrating that silence in difficult times can lead to dire consequences. “We must advocate for justice now, not just for Namal Rajapaksa, but for every citizen who deserves fair treatment under the law,” he affirmed.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. නාමල්❤ කිව්වම අනුරට ගූ යනවා.

    ReplyDelete
    Replies
    1. meda paara namal iwarai.
      umbala hithanawa nam me aanduwa namal wage ekek wa nikan balen hire dagena innawa kiyala, gihin peththa ganin.
      Rata kaapu haththa ta kade yana umbalage walle hori hadenna ona.

      Delete
    2. Meka borunam mekage pawlama panuwo gahala mariyan

      Delete
  2. ඉරාජ් කියන කොලුවා මේ දවස්වල අමෙර්කාවේ සංචාරයක් යෙදීල ඉන්න අතරතුර ෆුල් නූඩ් නයිට් ක්ලුබ් ගිල්ල ලපටි හෙළුවැලි සුද්දී කෙල්ලොන්ව මිරිකනවලු. මුන් කොර්ටිපතියෝ වුනේ හොර්රකාපු සල්ලිවලින්. මේ ඉරාජ් කොලුවාගේ වත්කම් බැරකම් ගැන විගන්නනායක කල යුතයි

    ReplyDelete
    Replies
    1. අනේ අපේ සහෝදරවරු නං කෝටිපතියෝ වෙලා තියෙන්නේ අනුන්ගේ සල්ලි වලින් නං නෙවේ. දෙයියම්පා සත්තයි.
      ෆුල් ටයිම් සතයක්වත් ගන්නේ නැතුව නොමිලේම පක්ෂෙට වැඩ කරලා.

      Delete
Previous Post Next Post