පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදිය හැක්කේ අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් පවතින නීත්‍යනුකූල සහ විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුකරන ඉල්ලීමක් මත පමණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, තමන් වහන්සේට සිදුවූ වරද නිවැරදි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වුවද විශේෂ ජනාධිපති සමාවක් දිය හැකි බවට ඥානසාර හිමියන් විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කළේ, අධිකරණයකින් ලබාදුන් තීන්දුවක් ජනාධිපතිවරයෙකුට සිය අභිමතය පරිදි එකවර වෙනස් කළ නොහැකි බවත්, එසේ හිතුමතේ කටයුතු කළහොත් ජනතාව ජනාධිපතිවරයාව ඒකාධිපතියෙකු ලෙස හඳුන්වනු ඇති බවත්ය.
කිසියම් වරදකට අදාළව සහේතුක කරුණු පදනම් කරගනිමින් සමාවක් ඉල්ලා සිටින්නේ නම්, ඊට අදාළ නීතිමය ක්‍රියාපටිපාටියක් පවතින බවත්, එම ක්‍රමවේදයට අනුව කරුණු දක්වා ඉල්ලුම් කළහොත් ඒ පිළිබඳ සලකා බැලීමේ හැකියාව පවතින බවත් හෙතෙම පැහැදිලි කළේය.
පසුගිය පාලන සමයන්හි සිටි ජනාධිපතිවරුන් සිය අභිමතය පරිදි නීතිය කඩකරමින් ක්‍රියා කළ නිසා එම තීරණ අවසානයේ අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ප්‍රතික්ෂේප වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වත්මන් ජනාධිපතිවරයාට නීතියට පිටින් ගොස් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට කිසිදු ජනවරමක් නොමැති බැවින් එවැනි ක්‍රියාමාර්ග නොගන්නා බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
Parliamentarian Highlights Legal Process Required for Presidential Pardon of Ven. Gnanasara Thera
National People's Power Parliamentarian Lakshman Nipunarachchi has emphasized that any potential presidential pardon for Ven. Galagodaaththe Gnanasara Thera can only be granted following a formal request aligned with legal protocols stemming from a court decision.
Speaking to the media, Nipunarachchi addressed remarks made by Gnanasara Thera, who suggested that a special presidential pardon could be executed by President Anura Kumara Dissanayake to rectify a prior wrongdoing.
The parliamentarian further articulated that a court's ruling cannot be arbitrarily altered by the President according to personal preference. He warned that such actions could lead the public to perceive the President as a dictator.
If a pardon is sought regarding a specific wrongdoing, there exists a legal framework to facilitate that process, he clarified, underscoring that requests made in adherence to this procedure may be considered.
Nipunarachchi noted that previous presidents have faced challenges in court due to their willingness to bypass the law in pursuit of their agendas. He reiterated that the current President is obliged to operate within the legal constraints and would refrain from acting unilaterally without public mandate.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ReplyDeleteව්‍යවස්ථාදායකය විධායකය ,ධිකරණය,සමඟින් සමස්ථ රටක් ,රා ජ්‍ය ය ක්, ,අස්ථාවරව,අරාජිකව තිබූ වකවානුවේ..
ජාතික ආරකෂාව අරාජික කරනාළද කාළයේ,.. ස්ථානෝචිතව ක්‍රියාත්මක වූ ඥානසාර හිමි වහාම නිදොස්කොට නිදහස් කරනූ,.!
22 බලේ
ReplyDeleteලක්ෂ්මණ් නිපුණාරච්චි නිකම්ම නිකම් පුද්ගලයෙක් විතරයි, ඔහුට ආණ්ඩුවේ තීරණ ගැන කියන්ඩ කටයුතු කරණ ආකාරය ගැන කියන්ඩ හැකියාවක් නෑ.
ReplyDelete