විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිට අධිකරණය මඟහරිමින් සිටියදී අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා, අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රගන්ත ගොඩවෙල මහතා අද නියෝග කළේය.
නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විත්තිකරු දුටුතැන අත්අඩංගුවට ගන්නා ලෙසට මහාධිකරණය මඟින් මීට පෙර විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
ලන්ඩන් නුවර පැවති ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ප්‍රදර්ශනයකට සහභාගී වී, රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට පටහැනි අයුරින් රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් ගෙවීම සඳහා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාව පෙලඹවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
අදාළ නඩු කටයුත්ත සඳහා දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණය මඟහරිමින් සැඟව සිටීම හේතුවෙන් මහාධිකරණය මඟින් ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කර තිබිණි.
Former Minister Rohitha Bogollagama Remanded in Custody Amid Ongoing Trial
In a significant development, former Minister Rohitha Bogollagama has been ordered by Colombo High Court Judge Ragunath Godawela to be remanded in custody until the conclusion of his ongoing trial. This ruling comes after Bogollagama failed to appear before the court during proceedings related to serious corruption charges.
The High Court had previously issued an open warrant for his arrest, prompting action by officials from the commission investigating allegations of bribery and corruption. Following his apprehension, he was presented to the court where the remand order was issued.
The case against Bogollagama stems from his involvement in a public service investment promotion event held in London, where he allegedly pressured the chairman of the investment promotion body into making payments exceeding five million rupees, violating state fiscal regulations.
His prolonged evasion of the court proceedings has raised significant concerns, leading the High Court to take firm action against him by issuing warrants in this manner.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒක හොඳයි, මූ දිගටම ඇතුලට දාලා තියන්ඩ.
ReplyDeleteපෙමිස්කගේත් දිගටම ඇතුලට දාලද තියන්නෙ
Deleteතරහ ගන්නවා නෙවේ ඔං මේ නොදන්න නිසා අහන්නෙ
ඉන්න හිතෙන රටක්
ReplyDeleteතෙල් නැ ගැස් නෑ ඉන්න හිතෙන රටක් බන්
Deleteoops , When manuwarna was doing the same thing, the judges ignored it.
ReplyDelete