දිස්ත‍්‍රික්ක පහක දේශපාලන හිතවතුන්ගෙන් රෝහල් සේවකයන් පුරවලා..


 පසුගිය රජයන් සමයේ හිටපු මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික ලැයිස්තු උපයෝගී කරගනිමින්, කිසිදු සුදුසුකම් පරීක්ෂාවකින් තොරව සෞඛ්‍ය කාර්ය සහායක සේවාවට විශාල පිරිසක් ඇතුළත් කරගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

අතීතයේ සිදුවූ මෙකී පරිපාලනමය අක්‍රමිකතා සහ වැරදි මේ වන විට නිවැරදි කරමින් සිටින බවද ඔහු එහිදී සහතික විය.

අමාත්‍යවරයා දැක්වූ කරුණු අනුව, 2015 - 2018 අතර වකවානුවේදී පොළොන්නරුව, බදුල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් ආදේශක සෞඛ්‍ය කාර්ය සහායකයන් විශාල ප්‍රමාණයක් සේවයට එක්කරගෙන ඇත. 

මොවුන්ගෙන් බහුතරය දැනට කොළඹ සහ තදාසන්න නාගරික රෝහල් පද්ධතිය තුළ සේවයේ නිරතව සිටින අතර, මේ වන විට ඔවුන් සිය උපන් ගම්බිම් පිහිටි දිස්ත්‍රික්ක වෙත ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස බල කරමින් සිටින බව අනාවරණය වේ.

විශේෂයෙන්ම පොළොන්නරුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් අසාමාන්‍ය හා අසීමිත අන්දමින් දේශපාලන පත්වීම් සිදුකිරීම හේතුවෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි පෙන්වා දුන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, පොළොන්නරුව දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සෞඛ්‍ය කාර්ය සහායකයන් 950 දෙනෙකුත්, බදුල්ල දිස්ත්‍රික්කය සඳහා තවත් සේවකයන් 208 දෙනෙකුත් පෝලිම් ගැසී සිටින බව ප්‍රකාශ කළේය. 

කෙසේ වෙතත්, පවතින තදබදය ලිහිල් කිරීම වෙනුවෙන් දැනටමත් සේවකයින් දහසකට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මීට අමතරව, රෝහල් සත්කාරක සේවාවන් විධිමත් කිරීමේ අරමුණින් උපස්ථායක තනතුරු සඳහා පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් මේ වන විට පුහුණු කරමින් සිටින බවත්, ලබන වසර වන විට විධිමත් පටිපාටියකට අනුව රෝහල් කාර්ය සහායකයන් 1,100 දෙනෙකු අලුතින් සේවයට බඳවා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සභාවට පැවසීය.





Health Minister Exposes Hiring Irregularities in Health Sector

In a startling revelation within Parliament, Health Minister Dr. Nalinda Jayatissa announced that a significant number of individuals have been recruited into health worker positions without undergoing any qualification assessments, utilizing personal lists from previous government officials.

The Minister made this disclosure while responding to a verbal query from Padmasiri Bandara, the Parliamentary Representative for the Polonnaruwa District. He assured that efforts are underway to rectify the administrative irregularities of the past.

Between 2015 and 2018, substantial numbers of health workers were recruited, particularly targeting districts such as Polonnaruwa, Badulla, Matara, Kalutara, and Ratnapura. Most of these workers are presently engaged within the Colombo urban hospital system, with many now pressuring for transfers back to their home districts.

Highlighting the severity of the situation, Dr. Jayatissa noted that political appointments in Polonnaruwa and Badulla had taken place in an unusual and unrestricted manner, resulting in a significant crisis. He revealed that 950 health assistants from Polonnaruwa and an additional 208 from Badulla are currently awaiting transfers.

In a bid to alleviate the existing pressures, the Ministry has already initiated transfer processes for nearly a thousand workers. Furthermore, Dr. Jayatissa reported that around a thousand individuals are currently undergoing training for auxiliary positions aimed at standardizing hospital services, with plans to recruit an additional 1,100 hospital assistants under a structured scheme in the coming year.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. දැන් මෙහෙම කිව්වට උද්දච්ච කුක්කුච්ච ඇමතියා කරන්නෙත් ඒක තමයි පහුගිය දවස්වල සුළු සේවකයෝ හාරසීය ගණනක් බඳවා ගත්තේ උන්ගේ ලිස්ට් එකෙන්

    ReplyDelete
Previous Post Next Post