ලංකාව රතු වී කාලගුණ නිවේදනයක් එයි..


දිවයිනේ පළාත් පහකට සහ දිස්ත්‍රික්ක හයකට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලත්, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බැවින් අකුණු මඟින් සහ සුළඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.





Severe Thunderstorm Warning Issued for Several Regions in Sri Lanka

The Department of Meteorology has issued a strong warning regarding thunderstorms affecting five provinces and six districts across the island. This alert comes from the Natural Disaster Early Warning Centre of the department, underscoring potential weather hazards.

The provinces identified include the Northern, Eastern, Central, Sabaragamuwa, and Uva. The districts at risk are Kilinochchi, Mullaitivu, Vavuniya, Gampaha, Colombo, and Kurunegala. Residents can expect the possibility of thunderstorms accompanied by heavy rainfall during the evening and night hours.

With thunderstorms likely to occur, there is also a risk of temporary strong winds in these areas. The Meteorology Department is urging the public to exercise special caution to minimize dangers posed by lightning and gusty winds during such weather conditions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post