ජනාධිපති කාර්යාලය ඉදිරියේ සත්‍යග‍්‍රහය රැය පහන් කරයි.. තව දුරටත් ඉදිරියට..


බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බිම අසුන්ගෙන අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.

'නිදහසේ පාද යාත්‍රාව' නමින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමනින් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අභියසට පැමිණි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස, සිය ඉල්ලීම ජනාධිපති ලේකම්වරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. 

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුම් දී ඇත්තේ මහා සංඝරත්නය ඉදිරිපත් කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දීම සඳහා මාසයක පමණ කාලයක් අවශ්‍ය වන බවයි.

කෙසේ වෙතත්, එම ස්ථාවරය පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේප කළ උද්ඝෝෂණයේ නිරත හිමිවරුන්, ඥානසාර හිමියන් නිදහස් කිරීම පිළිබඳව ස්ථිර සහ නිශ්චිත දිනයක් ලබා දෙන තෙක් එම ස්ථානයෙන් කිසිසේත්ම ඉවත් නොවන බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බිම වාඩි වී සිය විරෝධතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කළහ.

මේ අතර, රැඳී සිටීම සඳහා භික්ෂූන් වහන්සේ එම ස්ථානයේ තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට උත්සාහ දැරීමේදී පොලිසිය සහ උන්වහන්සේලා අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය විය. 

අනතුරුව පොලිසියේ නියෝගය හා මැදිහත්වීම මත මාර්ගය අවහිර නොවන සේ එම කූඩාරම මාර්ගයේ පසෙකට ගෙන යාමට පියවර ගැනිණි.

ඉන්පසුව රැස්ව සිටි මහා සංඝරත්නය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශීර්වාද කළ අතර, උන්වහන්සේලා තවදුරටත් එම ස්ථානයේම රැඳී සිටිමින් සත්‍යග්‍රහය පවත්වාගෙන යන බැවින් එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කර ඇත.

අධිකරණ තීන්දුවක් ප්‍රකාරව වරදකරු වී බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී වහා නිදහස් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන සහ මහා සංඝරත්නය විසින් විවිධ මට්ටමේ බලපෑම් එල්ල කරමින් සිටියහ. 

මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය පැත්තෙන් සාධනීය ප්‍රවේශයක් මෙතෙක් නොලැබීම හේතුවෙන්, මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාද යාත්‍රාවකින් පැමිණ සෘජු සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට මහා සංඝරත්නය පියවර ගෙන තිබේ.





Buddhist Monks Stage Continuous Protest for the Release of Venerable Gnanasara Thero

A group of Buddhist monks is pressing the Sri Lankan government to release Venerable Galagodaatte Gnanasara Thero. They have set up a sit-in protest outside the Presidential Secretariat in Colombo, emphasizing their demand during a march organized under the banner of 'March for Freedom.'

The monks arrived at the Presidential Secretariat yesterday afternoon, where they presented their request to the Chief Secretary and senior officials, urging immediate action for the Thero's release.

Officials at the Secretariat informed the monks that it would take approximately a month to respond to the request submitted by the Supreme Sangha.”

Nonetheless, the protesting monks firmly rejected this timeframe, declaring that they would not leave the site until a specific and definite date for the release of Venerable Gnanasara Thero is provided. They have committed to maintaining their protest and pushing their agenda forward without compromise.

During their sit-in, tensions escalated when the monks attempted to construct a temporary shelter at the site, leading to a confrontation with police. The police subsequently intervened to ensure that the road remained clear, relocating the makeshift shelter to a nearby area.

The gathering of monks engaged in chanting and blessings outside the Presidential Secretariat, reinforcing their commitment to the cause. In light of their resolve to continue the sit-in, multiple specialized police units have been deployed to ensure security in the area.

Various national organizations and the Supreme Sangha have been advocating for the release of Venerable Gnanasara Thero following his conviction and imprisonment, calling on the President to grant him a pardon.

With no constructive approach from the government as of yet, the Supreme Sangha has decided to escalate their actions by marching directly to the Presidential Secretariat to initiate a steadfast demonstration.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post