ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, නායකත්වයේ වගකීම මීළඟ පරපුර වෙත පැවරිය යුතු බව සිය විශ්වාසය වන බවයි.
කෙසේ වෙතත්, ක්රීඩකයෙකු ලෙස තවදුරටත් කණ්ඩායම නියෝජනය කිරීමට තමන් සූදානම් බවත්, ශ්රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව ටෙස්ට් ක්රිකට් ක්රීඩාවේ නිරත වන බවත් ධනංජය ද සිල්වා තහවුරු කර ඇත.
ක්රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටිමින් දායකත්වය ලබාදීමට ධනංජය ද සිල්වා ගත් තීරණය ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිළිගෙන ඇති අතර, ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් ඉදිරියටත් ඔහුගේ උපරිම දායකත්වය අපේක්ෂා කරයි.
Dhananjaya de Silva Resigns as Sri Lanka Test Cricket Captain
Dhananjaya de Silva has officially stepped down from his role as captain of the Sri Lanka Test cricket team, a decision that takes immediate effect.
In a letter addressed to the Sri Lanka Cricket Selection Committee, he expressed his belief that the responsibilities of leadership should be entrusted to the next generation.
However, de Silva confirmed his readiness to continue representing the team as a player, assuring that he remains committed to participating in Test cricket for Sri Lanka.
The Sri Lanka Cricket administration has acknowledged de Silva's decision to continue contributing as a player, and they expect his ongoing maximum commitment to the future of Sri Lankan cricket.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඕකට හොඳ මහත දෙහෙත හරකෙක් දැම්මත් ඔය තරමට නං හාන්න බෑ 😂
ReplyDeleteකුරුස කාරයෙක්ට අවස්ථාව
Deleteබව්ද්දයෙක් විදිහට මේ ආණ්ඩුව සිවූර ගලවා සිදුකල අපහාසයට එරෙහිව ඔබේ ක්රියාව අගයමි
ReplyDeleteඇයි ධනංජය සිල්වා කලිසම ගලවලාද? 😂
Deleteබෝන් එගේන් ජඩ කල්ලියේ සාමාජිකයකු උනා නම් දිගටම ක්රිකට් කන්ඩායමට ගහන්න පුළුවන්
ReplyDeleteබෝනගේන් පාදිලියෙක්ට නායකත්ව වරම්
ReplyDelete