පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ අරමුණින් යැයි පවසමින් ක්‍රියාත්මක වන සත්‍යග්‍රහය හා විරෝධතා ව්‍යාපාරය පිටුපස පරාජිත දේශපාලන කණ්ඩායම්වල සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා චෝදනා කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙය සැබෑ ලෙසම ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා ගෙනයන සටනක් නම් ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රමාණවත් කාලයක් ලබා දීමට හැකියාව තිබූ බවයි.
නුවරින් ආරම්භ වී විහාරමහාදේවි උද්‍යානය දක්වා පැමිණි මෙම ක්‍රියාදාමය හුදෙක් හිමිවරුන් බේරාගැනීමක් නොව, බලය අහිමි වූ දේශපාලන කල්ලි විසින් යටින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයක් බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන විය යුතු අතර, අධිකරණයකින් ලබා දෙන නඩු තීන්දුවලට ගරු කිරීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව පැවසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම රජයේ මූලික ප්‍රතිපත්තිය බව ද සිහිපත් කළේය.
අතීත පාලකයන් මෙන් බුදුදහමට හෝ සංඝරත්නයට අගෞරව කිරීමේ හෝ පහරදීමේ කිසිදු ඉතිහාසයක් ජාතික ජන බලවේගයට නොමැති බව අවධාරණය කළ ඒ මහතා, ජාති ආගම් භේදයකින් තොරව සුන්දර රටක් ගොඩනැගීමට සිය රජය ක්‍රියාකරන බව සඳහන් කළේය.
තවද, මෙම විරෝධතා ඔස්සේ ජනපතිට එරෙහිව ‘ගෝ හෝම්’ වැනි අරගල නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සාහ කළද, ජනතාවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා හඬට ඇහුම්කන් දෙන ආණ්ඩුවකට එරෙහිව එවැනි තත්ත්වයක් කිසිසේත්ම නිර්මාණය කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Political Allegations Surround Protests Aimed at Releasing Ven. Gnanasara
Allegations of a hidden political agenda are surfacing regarding the ongoing protests and sit-ins aimed at securing the release of Ven. Galagodaatte Gnanasara Thera. National People's Power parliamentarian Devananda Surawira has raised concerns that these movements are orchestrated by defeated political factions.
During a media briefing, Surawira emphasized that if the struggle were genuinely focused on the release of Gnanasara, enough time should have been afforded to President to deliberate on this matter.
The protest, which commenced from Nuwara and aims to culminate at Viharamahadevi Park, is not merely about rescuing the monk. Surawira pointed out that it is significantly influenced by politically marginalized groups manipulating the situation from behind the scenes.
He asserted that the country's judiciary must remain independent and that respecting court decisions is a responsibility of all citizens. Highlighting the government's essential policies, he reminded that upholding the Constitution and the rule of law should be a priority.
Surawira also stressed that, unlike past leaders, the National People's Power has no record of disrespecting Buddhism or the clergy. He expressed the party's commitment to building a beautiful nation free from ethnic and religious divisions.
Furthermore, while some individuals may be attempting to incite movements against the President, such as calls for 'Go Home,' Surawira firmly stated that under no circumstance can a democratic government that listens to the public's voice be destabilized.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රෙවිලා....😂
ReplyDelete