ඤාණසාර හිමි අතුරුදන්.. ජම්පර් අන්දන්න පසුපස පන්නයි..


 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියමවීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී හිමි වූ ජනාධිපති සමාව මත නිදහස් කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අතුරුදන්ව සිටිති.

එම ජනාධිපති සමාව නීත්‍යානුකූල නොවන බවට පසුගියදා අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ අතර, ඒ අනුව උන්වහන්සේට නියමිත සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ද අධිකරණය නියෝග කළේය.

ඉන්පසුව කැඳවනු ලැබූ වෙනත් නඩු කටයුතු කිහිපයක් සඳහා ද උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් විවෘත වරෙන්තු ද නිකුත් කර තිබේ.

මේ අතර, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විවිධ විහාරස්ථාන ඇතුළු උන්වහන්සේ වැඩ සිටිතැයි සැකකෙරෙන ස්ථාන ගණනාවක් සෝදිසි කර ඇති නමුත්, උන්වහන්සේ සොයා ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.





Missing Buddhist Leader Faces Legal Troubles After Controversial Presidential Pardon

Galagodaaththe Gnanasara Thera, the General Secretary of the Buddhist Power Force, has reportedly gone missing following a court ruling that declared the presidential pardon he received during former President Maithripala Sirisena's administration invalid. The court subsequently mandated the enforcement of his original prison sentence for contempt of court.

The ruling, delivered last week, identified the presidential pardon as unlawful. As a result, the court ordered that the sentence previously imposed on Gnanasara Thera be reinstated.

Following the legal developments, the court issued open warrants for his arrest due to his failure to appear in connection with several ongoing legal cases.

In the meantime, police teams have been dispatched to various locations, including several temples believed to be his potential hideouts, in an attempt to locate him. However, authorities have yet to succeed in tracing his whereabouts.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. මෙයත් ලංකට් එක මග දාල ද දන්නෑ පස්ස දොරෙන් පැනලා ගියේ.

    අපි බය නෑ අපි බය නෑ ගාන ගොඩක් උන්ගේ හෙළුව මේක තමයි

    ReplyDelete
    Replies
    1. Monawa unath ...Api Malimawata...mama harekek hutto...um.....behe.....

      Delete
  2. සතුරු ආක්‍රමන වලින් පලා ගිහින් හරි වෙලාවට ආපහු එන එක රජ කාලේ ඉදන් උනා. ඔය කියන විදියට හිටියනම් , දුටු ගැමුණු රජ කෙනෙකුත් නැහැ, පණ්ඩුකාභයත් නැහැ. හැබැයි විජේවීරත් නැති නිසා, මේ ප්‍රශ්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. Mu apahu enawa nam denimak gahagena, rawulak wawagena misak me bed seet eka nam adagena apahu enna wenne na

      Delete
  3. උන්වහන්සේ එකපාරටම රහත් වූ සේක.

    ReplyDelete
  4. රන්ජට එක නීතියක්. ඤාණසාර හාමුදුරුවන්ට තව නීතියක්. ඔන්න බෞද්ධ රාජ්ය.

    ReplyDelete
  5. සුමතිපාලගේ ගෙදර බැළුවද ?

    ReplyDelete
  6. මාතෘකාවම අප්‍රසන්නයි. බෞද්ධයෙක් ලෙස රට ගැන කලකිරෙමි.

    ReplyDelete
  7. එර්දි වෙලා වෙන්ටැ !

    ReplyDelete
  8. නිර්දෝශී, අවසථාණුකූළව ක්‍රියාකළ..ඥානසාර හිමි පසුපස පැන්නීම වහා නවතනු,.!October 2, 2026 at 4:34 PM

    නිර්දෝශී, අවසථාණුකූළව ක්‍රියාකළ..ඥානසාර හිමි පසුපස පැන්නීම වහා නවතනු,.!


    ලංකාව බිරිතාඤ අමෙරිකානු නාසිවාදී පළණයට යටවී වසර අටසීයක් වහළුන් ලෙස දෙකට නැවී පුකදී කරගත්තේ වරිගය නසාගැනීම/සහ ඉතිහාසය විකෘතිකරගැනීම සහ සමස්ත ලංකා රාජ්‍ය්යේ ජනයා වහළුන් ලෙසට පත්වී යුධ පිටියක් බවට මාතෘෘභූමිය පත්වී වහල් භාවයෙන් මිිරිකී වරිගය නසාගැනීම පමණක් බවත්,.අවසානයේ සම්පත් සූරා කා භූමිය යුධ පිටියක මරමස්ථානයක් බවට පත්වීම පමණක් බවත්,.!
    නොබැදි රාජ්‍යක් ලෙස ලාබදායි සාධාරණ රැසියාවෙන් ,කොමිස් වංචා මගහැර බොරතෙල් ගෑස් පොහොර ඇතුළු තාකෂණය හුවමාරැ කරගන්නා ලෙසත්,.! බළලෝභි මාන්නයපිරි නාසිවාදී බිරිතාන්ය ඇතුළු බටහිර රෑකඩ බවට පත් වී වහළුන් ලෙස රාජ්‍ය සූරා කෑමට ඉඩදී '' නූගත් අමනයා පාළකයා පමණක් බටහිර සුඛ විහරණයට ලක්වී" සෙසු සියළු ජනයා තලා පෙළා බදුගසා වහලුන්ලෙසට සැමදා පාළකයාට විරැද්ධව කැරළි ගසමින්, බද්ධ වෙෙරයෙන් රට පාළණය කිරීමට වඩා, මහරනයාට නිදහස පහසුකම් සැපයීමට, රැසියාවේ බළ ශක්තිය තාකෂණය සාධාරණ ලෙස අතරමැදියන්ගෙන් තොරව හුවමාරැ කරගෙන,.
    ලොකයේ සියළු ජාතීන්ට සමාණ ලෙස සළකා, ලෝකයේ ඔ්නෑම රටකට මුදලට වරායන් තුළින් සේවාවන් ලබාදී විදේශීය ධනය උපද්ධවා රාජ්‍ය්යේ මහජනයාගේ සුඛවිහරණය ස්ථාවර කිරීම කොන්ද පන ඇති නියම භූමිපුත්‍රයකුගේ පරම වගීම බවත්,.
    ''මරණයට බය නිවට කැනහිලෙකු වසළයකු ලෙස ලංකා රාජ්‍ය්යේ පාළණය භාරගැනීම සහ නසමස්ථ රාජ්‍යක් පාවාදීමට ලක්කිරීම මරණ දඪුවමට නියත ලෙස ලක්වන කාරණාවක් බව ජනාධිපති වහළාගේ දැඩි අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post