මෙට්‍රෝ බස් රථ සේවාව ඉලක්ක කරගනිමින් ඇතැම් පෞද්ගලික බස් රථ මඟින් සිදුකරනු ලබන බාධා කිරීම් සහ අනතුරු සිදුකිරීම් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙට්‍රෝ බස් රථවල හිතාමතා ගැටීමට සැලැස්වීම සහ මාර්ග අවහිර කිරීම් වැනි ක්‍රියාවන් පොදු දේපළවලට හානි කිරීමක් ලෙස සලකන බවයි.
එවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන රියදුරන්ට මෙන්ම බස් රථ හිමිකරුවන්ට ද බරපතළ නඩු සඳහා මුහුණදීමට සිදුවනු ඇතැයි හෙතෙම අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත්, දැනට ධාවනය කෙරෙන මෙට්‍රෝ බස් රථ 100කට අධික ප්‍රමාණයකට පෞද්ගලික බස් රථවලින් බහුතරයක් කිසිදු බාධාවක් එල්ල කර නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙවැනි ක්‍රියාවන්හි නිරත වන්නේ සුළු පිරිසක් පමණක් බව ද කියා සිටියේය.
එම නිසා මෙය සමස්ත පෞද්ගලික බස් හිමියන්ගේ ගැටලුවක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
අපරාදේ මෙවැනි ක්‍රියා සිදුකොට අනවශ්‍ය අසීරුතාවන්ට පත්නොවන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, සමස්ත රටම පිළිගත් මෙම නව ප්‍රවාහන පද්ධතියට අනුගත වන ලෙස ද ඉල්ලා සිටියේය.
එමෙන්ම තවත් වසරක් ඇතුළත මෙට්‍රෝ බස් රථ සේවාව පෞද්ගලික අංශය සඳහා ද විවෘත කිරීමට සැලසුම් කර ඇති බව බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Government Cracks Down on Disruptive Behavior Towards Metro Bus Services
The Minister of Transport, Highways and Urban Development, Bimal Rathnayake, has affirmed that stringent legal measures will be taken against private bus operators engaged in obstructive activities and accidents targeting the metro bus service. This announcement underscores the government's commitment to maintaining order within the public transportation framework.
Speaking to the media, the Minister emphasized the detrimental nature of deliberate collusion and road blockages, viewing them as direct attacks on public property. He highlighted that such unlawful actions would not only jeopardize the smooth operation of the metro service but would also result in severe legal consequences for both the drivers involved and the bus owners.
However, he noted that the majority of over 100 metro buses currently in operation have not faced any disruptions from private bus operators, indicating that only a small minority is engaged in these problematic actions. This distinction, he pointed out, means that the issue does not reflect the concerns of all private bus owners.
Minister Rathnayake urged all parties to avoid inciting unnecessary hardships by indulging in such activities. He called for their cooperation in adhering to the recently welcomed metro transport system, which aims for a more efficient public transportation network across the country.
Additionally, the Minister disclosed future plans to open the metro bus services to the private sector within the next year, indicating ongoing efforts to enhance public transport options in Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කෝටි 800 ක් හම්බ කරගත්ත ඩීල් එකේ දේපළ ආරක්ෂා කරගන්න එපැයි නේද
ReplyDelete