බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සහ මෙරට භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ විය.
මහා සංඝරත්නයේ ප්රමුඛත්වයෙන් සහ සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම පාද යාත්‍රාව ඉදිරි දින කිහිපය පුරා ප්‍රධාන නගර කිහිපයක් ඔස්සේ ගමන් කරමින් කොළඹ දක්වා පැමිණීමට නියමිතය.
සිරගත කරනු ලබන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වයන් මෙන්ම, අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුර ඉවත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ කිරීම මෙහි මූලික අරමුණක් වී තිබේ.
සංවිධායකයන් දැනුම් දෙන පරිදි ඉදිරි දිනවල පාද යාත්‍රාව ගමන් ගන්නා කාලසටහන මෙසේය.
- ඔක්තෝබර් 10 : මහනුවර සිට කඩුගන්නාව දක්වා
- ඔක්තෝබර් 11 : කඩුගන්නාව සිට කෑගල්ල දක්වා
- ඔක්තෝබර් 12 : කෑගල්ල සිට වරකපොල දක්වා
- ඔක්තෝබර් 13 : වරකපොල සිට නිට්ටඹුව දක්වා
- ඔක්තෝබර් 14 : නිට්ටඹුව සිට කඩවත දක්වා
- ඔක්තෝබර් 15 : කඩවත සිට කොළඹ දක්වා
ඒ අනුව, ලබන 15 වන දින පාද යාත්‍රාව කොළඹට ළඟා වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජාතික විරෝධතාවක් සහ විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
Mass March for Justice and Monk Rights Begins in Kandy
This morning, a significant procession named "Justice for the Silenced - National Ritual of Offering" alongside a "Freedom Foot March" commenced near the historic Sri Dalada Maligawa in Kandy, aimed at advocating for the rights of incarcerated monks and safeguarding the Buddhist clergy's rights in Sri Lanka.
The march, spearheaded by the Maha Sangha and featuring active participation from senior monks, is set to journey through several major cities over the coming days, culminating in Colombo.
A core focus of the initiative is to vocalize the serious ethical concerns surrounding the treatment of detained monks, in particular, the removal of their robes during court appearances, which has faced intense opposition from the Maha Sangha.
As per the organizers, the foot march will adhere to the following schedule:
- October 10: From Kandy to Kadugannawa
- October 11: From Kadugannawa to Kegalle
- October 12: From Kegalle to Warakapola
- October 13: From Warakapola to Nittambuwa
- October 14: From Nittambuwa to Kadawatha
- October 15: From Kadawatha to Colombo
Upon reaching Colombo on the 15th, plans are in place for a major national protest led by the Maha Sangha, accompanied by a special ritual offering.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සාදු සාදු සාසාසාසාසාදු
ReplyDeleteසාදු සාදු සාසාසාසාසාදු
බුදුදහම විනාශකරන චීවරධාරියෙක් වෙනුවෙන්, තවත් ඒ ජාතියෙම චීවරධාරීන් කරන අවස්ථාවාදී නාඩගමක්! සිහිබුද්ධිය තියෙන කිසිමකෙනෙක් මුන්ට අහුවෙන්න එපා!
ReplyDeletepahadili madine, me hamudurwo tharam niwaradi thorathuru dunna kenek thawath innawada?
Deleteපැලවත්තේ බත් බැල ඩෝබියා 🤮😡 නියත නිරය උරුම කරගත් ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 තොපි හැම එකාම කල්ප ගානක් නිරයේ පැහෙන්න අපේ පින් බිමෙන් තොලොංචි වෙලා යන දවස ඉක්මන් කරගත්තා 😡
Deleteඅවසරයි, අපේ ස්වාමීන් වහන්ස! ත්‍රස්තවාදී ජෙප්පන්ගේ අනීතික නියෝග අනුව අපේ උතුම් බුද්ධ භූමියේ මේ සිදුකරන මහා පාප කර්ම වල විපාක මුන්ට කල්ප ගානකින් ගෙවා නිමකරන්න ලැබෙන්නේ නැහැ.
ReplyDelete"සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්ම්පං උපාදාය"...ආදී වූ ගාථාවන් කියා සිවුරු පොරවාගෙන සසුන් ගතවූ පැවිදි උත්තමයාණන් වහන්සේලා අද ඒ සසුන් බිමට පැමිණ තිබින්නේ බොහෝ කැපකීම් කරලයි. එක එකාට ඕන විදියට ඒ උතුම් බුද්ධ චීවර ගලවා දමන්න නෙවෙයි. මේ මහා පාපකර්ම වලට වචනයකින් හෝ සම්බන්ධ වූ හැම එකාටම දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදීත්, අපරාපරීය වශයෙන් පරලොව දීත් ඉතාමත් ඉක්මණින් විපාක විඳීමට සිදුවනවා ඒකාන්තයි.