පාතාලේ වෙඩි තබයි.. අයෙක් මරුට..


 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයා අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී අද (01) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නමැති අයෙකි.

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයා පාතාල කල්ලි නායක ‘ලොකු පැටී’ගේ සහෝදරයා බව පොලිසිය තහවුරු කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.





Brother of Notorious Gang Leader Shot Dead in Ahungalla

In a brazen act of violence, a man known as ‘Loku Pethi,’ reputed to be a major figure in organized crime, has lost his life in a shooting incident in Ahungalla, Valikanda late last night (January 1), according to police reports.

The victim has been identified as Sugath Nuwan Kumara de Silva, brother of the infamous gang leader.

Preliminary investigations reveal that the assailant, armed with a 9mm pistol, carried out the attack. The police are currently pursuing leads on the unidentified gunman.

This incident underscores ongoing concerns regarding gang-related violence in the area. Law enforcement officials confirm the connection between the deceased and his brother’s criminal activities, with the Ahungalla police continuing further inquiries into the matter.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post