ඉරානය අසල නෞකා හතකට පහර දී විනාශ කරයි..


 ගල්ෆ් මුහුදු කලාපයේ නෞකා හතරක් ඉලක්ක කර එකවර ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ  නාවික අංශය ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බදාදා දිනයේදී මෙම නෞකා වෙත බ්‍රහස්පතින්දා දිනයේදී මෙලෙස ක්ෂණික ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ඉරාන බලධාරීන් තහවුරු කර තිබේ.

මීට අමතරව, උපායමාර්ගික වැදගත්කමකින් යුතු හෝමුස් සමුද්‍ර සන්ධියට බටහිර දෙසින් තවත් නෞකා තුනක් මුහුදු බෝම්බවල ගැටී අනතුරට ලක්ව ඇති බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනාවරණය කළේය.

කලාපය තුළ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඇමරිකා එක්සත් ජනපද හමුදාව වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති ඉරාන හමුදා බලධාරීන්, ඇමරිකාව විසින් සිය නාවික කලාපය තුළ සිදු කරන ප්‍රකෝපකාරී ක්‍රියාවන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් මැදපෙරදිග කලාපය පුරා විසිරී ඇති ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් දැවැන්ත පෙරළිකාර ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට අවධාරණය කර ඇත.

ලෝක වෙළෙඳපොළට සපයනු ලබන සමස්ත ඛනිජ තෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් (20%ක්) පමණ ප්‍රවාහනය කෙරෙන්නේ පර්සියානු ගල්ෆ් කලාපය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය. 

විශේෂයෙන්ම බහරේනය මූලස්ථානය කරගත් ඇමරිකානු පස්වන නාවික බලඇණිය එම කලාපයේ මුර සංචාරවල නිරත වන අතරතුර, ඉරාන සම්බාධක මඟහරිමින් සිදුවන නීතිවිරෝධී තෙල් ජාවාරම් වැටලීමටත්, සිය නාවික කලාපය ආරක්ෂා කර ගැනීමටත් ඉරාන නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරයි.

මෑතකාලීනව ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති සෘජු යුද ආතතිය හමුවේ මුහුදු මාර්ගවල බිම්බෝම්බ ඇටවීම සහ වාණිජ නෞකාවලට එල්ල වන ප්‍රහාර ඉහළ යාම, ගෝලීය සමුද්‍රීය වෙළෙඳාමට මෙන්ම ජාත්‍යන්තර බොරතෙල් මිලටද දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.





Iranian Naval Forces Report Simultaneous Strikes on Vessels in Gulf Waters

The Islamic Revolutionary Guard Corps (IRGC) has announced the execution of a swift operation targeting four vessels in the Gulf, as reported by Reuters. This significant strike occurred just hours after a series of rapid assaults were confirmed to have taken place on Wednesday.

Additionally, IRGC officials disclosed that three other vessels, strategically significant in the context of the Gulf, have also fallen victim to shipping accidents involving maritime bombs, further heightening tensions in the waterway.

In light of the region's escalating atmosphere, Iranian military officials have issued a grave warning to U.S. forces. They cautioned that if the United States continues its aggressive actions within the naval domain, Iran stands ready to unleash a substantial retaliatory assault targeting American military bases scattered throughout the Middle East.

Notably, the Persian Gulf and the Strait of Hormuz account for approximately 20% of global crude oil transport, underscoring the strategic importance of these waterways.

The U.S. Fifth Fleet, based in Bahrain, conducts extensive naval patrols in the region. Simultaneously, the Iranian Navy is engaged in continuous operations aimed at preventing illegal oil smuggling while safeguarding its maritime interests.

The recent escalation of hostilities among Iran, the United States, and Israel, marked by increased maritime confrontations and assaults on commercial vessels, poses a serious threat not only to global maritime trade but also to international oil prices.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post