දිවයින පුරා හටගත් හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ජල පිරිපහදු සහ බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බැවින්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
එම මණ්ඩලය සඳහන් කරන්නේ, ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ ඇණහිටීමත් සමඟ ප්රධාන ජල පොම්පාගාර සහ බෙදාහැරීමේ පද්ධතිවල ක්රියාකාරීත්වය අඩාල වී ඇති බවයි.
මේ හේතුවෙන් නළ ජල සැපයුම අඩාල වීම හෝ අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් වීම සිදුවිය හැකි බැවින්, පාරිභෝගිකයින් සතුව මේ වන විට ගබඩා කර ඇති ජලය අත්යවශ්ය කටයුතු සඳහා පමණක් ඉතා සකසුරුවම් ලෙස භාවිත කරන ලෙසත්, අනවශ්ය ලෙස ජලය නාස්ති කිරීමෙන් වළකින ලෙසත් ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටී.
පවතින තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අද පෙරවරුවේ ජාතික විදුලිබල පද්ධතියේ හටගත් හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසක විදුලි සැපයුම එකවර විසන්ධි වූ අතර, ඊට සමගාමීව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම ද අක්රිය විය.
අඹතලේ, බියගම ඇතුළු දිවයිනේ ප්රධාන පෙළේ ජල පිරිපහදු මධ්යස්ථානවල සිට උස් බිම් හා ජල කුලුනු වෙත ජලය පොම්ප කර බෙදාහැරීම සඳහා අඛණ්ඩව අධිබලැති විදුලි සැපයුමක් අවශ්ය වේ.
විදුලිය විසන්ධි වන අවස්ථාවලදී ජනන යන්ත් මගින් අත්යවශ්ය පිරිපහදු කටයුතු පමණක් සීමිතව පවත්වාගෙන ගිය ද, සම්පූර්ණ ධාරිතාවයෙන් ජලය බෙදාහැරීමට නොහැක.
Nation's Water Supply Impacted by Widespread Power Outage
The National Water Supply and Drainage Board has issued an urgent appeal to the public to conserve water, citing significant disruptions to water purification and distribution operations caused by a sudden power failure that has affected the entire island. Consumers are advised to utilize any available water sparingly and only for essential purposes due to the ongoing crisis.
Officials have confirmed that the operational efficiency of major water pumping stations and distribution systems has been compromised, resulting in potential interruptions to tap water supply and low water pressure in various regions.
As a precaution, the Board emphasizes the necessity for consumers to prevent wastage of water during this period, urging them to prioritize essential uses. The notice also expressed regret for the inconveniences faced by the public due to the current situation.
This morning, a sudden mechanical failure in the national electricity grid led to widespread electricity outages across multiple areas, coinciding with the shutdown of all generating units at the Norochcholai coal power plant.
Stable electricity supply is crucial for the continuous pumping and distribution of water from key purification centers in regions such as Ambatale and Biagama, highlighting the importance of consistent power for effective operations.
During power outages, water distribution activities have been limited to essential functions; however, the inability to distribute water at full capacity remains a critical challenge for the Board.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
