ශිරන්ති රාජපක්‍ෂ අල්ලන්න නිලධාරි පිරිසක් නිවසට..


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගෙන් ප‍්‍රශ්ණ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (07) පෙරවරුවේ කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගොස් ඇතැයි වාර්තා වේ.

කාන්තා පොලිස් නිලධාරිනියන් ද ඇතුළත් අට දෙනෙකුගෙන් යුත් විශේෂ විමර්ශන නිලධාරීන් පිරිසක් මෙලෙස කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 16 වැනිදා එහි පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ පසුබිමක මෙම වැටලීම සිදුවීම විශේෂත්වයකි.

එමෙන්ම, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඇය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 13 වැනිදා සලකා බැලීමට නියමිතව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අධ්‍යක්ෂවරයාට ලබන 12 වැනිදාට නියෝග කර තිබියදී අල්ලස් කොමිසම විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.





Former First Lady Shiranthi Rajapaksa Questioned by Anti-Corruption Commission

Shiranthi Rajapaksa, the wife of former President Mahinda Rajapaksa, was approached by a team from the Bribery and Corruption Commission at their home in Kirulapone this morning, according to reports.

A special investigative unit, consisting of eight officers including female police officials, visited the residence located on Kurulapana Purvarama Road. Sources indicate that this visit was part of an inquiry into allegations of bribery and corruption.

The unexpected visit came after Shiranthi Rajapaksa had been summoned to appear before the Financial Crimes Investigation Division on the 16th of this month. This development adds a layer of significance given the ongoing scrutiny surrounding her involvement.

Additionally, it was reported that she had filed a bail application to avoid arrest, which is set to be reviewed on the 13th, with the court having instructed the Director to present information regarding the matter by the 12th. This action by the commission appears to coincide with her legal proceedings.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 9:30 AM

    අද මේ ගැන කථා කරන්ඩ බෑ ජෙට් ලැග් කියලා කිව්වා නම් ඉවරයි. එතකොට අත් අඩංගුවට ගන්ඩ බෑ. අත් අඩංගුවට ගන්ඩ උසාවි නියෝගයක් ඕනෑ, ආපහු කලින් තැනටම යන්ඩ වෙනවා.

    ReplyDelete
  2. ජේවීපී එකට ආණ්ඩු බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3 බලය තියෙනවා, අධිකරණයත් තමුඞෙ යටතට ගත්තා රාජ්‍ය බලයත් සැළකිය යුතු ප්‍රමාණයකට අත්ප ත් කරගෙන තියෙනවා. නමුත් මහජන බලය ඔවුන්ත දැන් නැහැ. ඒ නිසා කල හැකි එකම දෙය තමයි වෛරය පිරිමහන කටයුතු කිරීම මගින් වෛරයෙන් පෙලෙන ජෙප්පන්ගේ හිත සතුටු කර අඩු ගානේ ඔවුන්ගේ බලය හෝ රඳවා තබා ගැනීම​. ඒකට තමයි මේ බොරු සාක්කි වලින් හෝ කාගේ හෝ ප්‍රකාශයක් මගින් අත් අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම් කරන්නෙ. මොනව තිබුනත් මහජන බලය නැත්තම් ඔවුන්ට පැවැත්මක් නෑ කියල දැන් තේරුම් ගිහිල්ල තියෙන්නෙ. ගිනි පෙට්ටි දෙකක වෙඩි බෙහෙත් අරගෙන බෝම්බයක් ගහනව කිව්වෙ, දැන් මේ රජය සමග තියෙන කැකෑරෙන වෛරය පිටතට කාන්දු වීමක්. කරන ජඩකම් බලුකම් හින්ද මේ ආණ්ඩුව සමග වෛරයෙන් කැකෑරෙන මිනිසුන් දසලක්‍ෂ ගනනක් දැන් මේ රටේ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය විදියට පනත් සම්මත කරගෙන නඩු තීන්දු දීගෙන විරුද්ධවාදීන් සිරගත කරා කියල මහජනතාව තුල කැකෑරෙන මේ පීඩනය ඔවුන්ට නවත්තන්න බෑ. ඔවුන් පනවන අසාධාරණ නීති පනත් මිනිසුන් සාමූහිකව එකතුව කඩකලොත් මොකක්ද කරන්න පුලුවන්? එච්චර පිරිසක් හිරේ දාන්න පුලුවන්ද? දැන් ජනතාවට තියෙන එකම බලය මේක විතරයි. ලඟදීම මේ දෙය සිද්ධ වේවි. මිනිසුන් දහස් ගනනක් මැරුවත් මේක නවත්තන්න බැරි වෙයි. කොටින්ගේ සහ ඉස්ලාම් අන්තවාදීන්ගේ මනදොල සැපිරීමට සිංහල බෞද්ධ ජනතාවට අඩම්තේට්ටම් කරන මේ ආණ්ඩුව එලවීමට ඇති එකම ක්‍රමය මෙයයි. මිනිසුනේ ලෑස්තියෙන් හිටපල්ලා.

    ReplyDelete
  3. අද චීන බිසවට ජම්පර් අන්දවනවා ...අද ඉඳල බෙල්ක් ටින් එකේ කානු වතුර සහ බෙලෙක් පිගානේ පොලුයි මුදු දන්කුද බතුයි....නෝ මෝ කොම්ෆ්ර්ට්ස්

    ReplyDelete
    Replies
    1. යුද්දය නිමකරපු නයකයකේ පව්ලට කරන පීඩනය ස්වභාවධර්මය විසින් විසදත්වා

      Delete
  4. පාදඩ, කාලකණ්නි, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී ජෙප්පන්ගේ ඊර්ෂාවේ තරම 😡🤮 ඊට කලින් තොපේ පච ලපයා, නූතන එළාරයා ප්‍රමුඛ ත්‍රස්තවාදී ජෙප්පන් කරපු, කරමින් සිටින මහා වංචා ගැන විමර්ශන කරලා උන්ට දඬුවම් දීලා හිටපියව්😡 ඒත් ඒවා සිදුනොවන බව අපි කලින් ඉඳලම දන්නවා, අල්ලස් කොමිසමේ මහ එකාත් ත්‍රස්තවාදී ජෙප්පෙක් නේ 🤮🤮🤮 තොපිට කර්ම විපාක විඳින්නට සිදුවන දවස ඉතාම ආසන්න බව දැනගෙන රඟපල්ලා, පාහර ත්‍රස්තවාදී ජෙප්පෝ 🤮🤮🤮

    ReplyDelete
Previous Post Next Post