බන්දුලගෙත් ටිකට් ඇදෙයි.. ප‍්‍රශ්ණ කරන්න කැදවයි...


 හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අද (02) පෙරවරු 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

එම දැනුම්දීමට අනුව තමන් හෙට පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තහවුරු කළේය.

සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කර සියයට 59.5ක ප්‍රතිලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළ විමර්ශනයක් සඳහා ඒ මහතා මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.

එම මූල්‍ය ආයෝජනයට අදාළව 2007 වර්ෂයේදී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසීමට නියමිත බව ද වැඩිදුරටත් දැනගන්නට ඇත.





Former Minister Bandula Gunawardena Summoned by Bribery Commission

Former Minister of Trade, Dr. Bandula Gunawardena, has been instructed to appear before the Bribery and Corruption Investigation Commission today at 9:30 AM. This summons follows allegations related to bribery and corruption that have emerged in recent investigations.

In response to the notice, Dr. Gunawardena confirmed that he would comply and attend the commission's session tomorrow morning.

The investigation pertains to a complaint regarding an investment of Rs. 900 million from the Companies Registrar's Fund in another state company, which is reported to have yielded a return of 59.5%. This inquiry has brought Dr. Gunawardena back into the spotlight.

Furthermore, it is anticipated that questions will be posed regarding a Cabinet memorandum presented by Dr. Gunawardena back in 2007, relating to the financial investment in question.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

Previous Post Next Post