ලංගම බස් රථයක ගමන් ගත් පුද්ගලයෙකු විසින් එම බස් රථයේ ජනේලයෙන් විසි කල මලුවක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ තවත් ලංගම බස් රථයක රියදුරු අසුනේ ඉදිරිපස ප්‍රධාන වීදුරුවේ වැදී එම වීදුරුව අලාභ හානි සිදු කිරිම සම්බන්ධයෙන් එම මගියා වීදුරුව සිදු වූ අලාභය වන රු.18000ක මුදල ගෙවූ බව හැටන් ලංගම ඩිපොවේ කළමණාකාර පාලිත වීරසූරය මහතා පැවසීය.
හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ අඹුසැමි යුවලක් සිය දරුවා සමග බගවන්තලාව දක්වා ගමන් කර ඇති අතර, සිය දරුවා විසින් බස් රථය තුල වමනය කර ඇති අතර, එම වමනය පියා විසින් පොලිතින් මලුවකට රැගෙන එම මාර්ගයේ නෝර්වුඩ් ප්‍රදේශයේදි ජනේලයෙන් ඉවතට වීසි කිරිමේදි එම බෑගය රියදුරු අසුනේ ඉදිරිපස වීදුරුවේ වැදී ඇත.
බස් රථයේ රියදුරන් දෙදෙනාම සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වෙත එම මගියාද රැගෙන ගොස් පැමිණිලි කිරිමට යෑමේදි වරද සිදු කල මගියා විසින් සිය වරද පිළිගෙන එම මුදල තම ඩිපෝව වෙත පැමිණ අදාළ මුදල ගෙවා සිද්ධිය සමතයකට පත් කල බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.
බස් රථයේ ගමන් ගන්නා මගීන්ට කිසිදු දුව්‍යක් තමන් ගමන් ගන්නා බස් රථයෙන් ඉවතට නොදමන ලෙසට උපදෙස් ලබා දුන්නද ඇතැම් මගීන් එය නොපිලි පදිමින් කටයුතු කරන නිසා මෙවැනි විපත් සිදු වන බවයි ඩිපෝ කළමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
Passenger Compensates for Damage after Throwing Bag from Bus Window
A passenger traveling on a bus in the Hatton area has compensated Rs. 18,000 for the damage caused when a bag was thrown from the window, striking the main front glass of another bus heading in the opposite direction. Palitha Veerasooriya, the manager of the Hatton bus depot, disclosed the incident occurred recently.
The bus, running from Hatton to Bagawanthalawa, was carrying a couple and their child. While the child was feeling unwell and vomiting inside the bus, the father, seeking to manage the situation, reportedly threw the bag out of the window. Unfortunately, the bag collided with the windshield of the driver's seat of an oncoming bus, resulting in significant damage.
Both drivers involved in the incident reported the matter to the Norwood Police, and the passenger later accepted responsibility for his actions. He visited the depot to pay for the damage, allowing the matter to be resolved amicably, according to the depot manager.
While passengers are advised not to throw any items out of the bus windows, the depot manager noted that some individuals ignore these instructions, leading to such unfortunate incidents.
Report by Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
