ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක්.. ලෝක බැංකු වර්ගීකරණය සහ නව රෙගුලාසි තීරණාත්මකයි..


 ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව අඛණ්ඩව වසර තුනක කාලයක් ‘ඉහළ මැදි ආදායම් ලබන රටක්’ ලෙස වර්ගීකරණය කරනු ලැබුවහොත්, නව ක්‍රමවේදය යටතේ නැවත අයදුම් කළද 2030 වසරේදී මෙරටට හිමි ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු සහනය අහිමි වීමේ බරපතළ අවදානමක් පවතින බව තානාපති ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

යුරෝපා සංගමයේ ජී.එස්.පී. තීරුබදු සහන රෙගුලාසිවලට අනුව, ප්‍රතිලාභ ලබන රටක් අඛණ්ඩව වසර තුනක් ඉහළ මැදි ආදායම් කාණ්ඩයට අයත් වුවහොත් එම රට ජී.එස්.පී. ලැයිස්තුවෙන් ඉවත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, අදාළ සහනයෙන් ඉවත්වන රටවලට ඒ සඳහා සූදානම් වීම පිණිස වසර දෙකක සහන කාලයක් හිමි වේ. ඒ අනුව, 2026, 2027 සහ 2028 යන වසර තුනේදීම ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව මගින් නම් කරනු ලැබුවහොත්, 2030 ජනවාරි පළමුවැනිදා සිට මෙම වෙළෙඳ සහනය මෙරටට අහිමි විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම වසරේදී පමණක් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම දැනට පවතින සහන අහිමි වීමට හෝ නව රාමුව යටතේ යළි අයදුම් කිරීමට බාධාවක් නොවන බවද පැහැදිලි කෙරේ. යුරෝපා සංගමයේ නව ජී.එස්.පී. ප්ලස් රෙගුලාසි ලබන ජනවාරි 01 වැනිදා සිට බලාත්මක වීමට නියමිත අතර, ඒ යටතේ යළි අයදුම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට 2028 දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් හිමි වේ.

දැනට ප්‍රතිලාභ ලබන රටවලට නව කොන්දේසිවලට අනුගත වීම සඳහා වසර දෙකක කාලයක් ලබා දී ඇති අතර, එම කාලසීමාව තුළ අදාළ වෙළෙඳ සහන අඛණ්ඩව හිමි වනු ඇත. එහෙත් එම කාලය තුළ නව රෙගුලාසි සපුරාලීමට අවශ්‍ය පියවර ගනිමින් සකස් කළ ක්‍රියාකාරී සැලැස්මක් සමග නව අයදුම්පත ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කෙරේ.

විශේෂයෙන්ම නව රෙගුලාසි යටතේ සලකා බලනු ලබන ජාත්‍යන්තර සම්මුති ලැයිස්තුවට ‘පැරිස් දේශගුණික ගිවිසුම’ සහ ‘එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහි සම්මුතිය’ ද අලුතින් ඇතුළත් කර ඇත. මීට අමතරව මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ අනෙකුත් ජාත්‍යන්තර බැඳීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය නව සහනය ලබා ගැනීමේදී තීරණාත්මක සාධකයක් වනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ මීළඟ රැස්වීම එළඹෙන 17 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එහිදී ජී.එස්.පී. ප්ලස් යටතේ යළි අයදුම් කිරීම සහ අනාගත ආදායම් වර්ගීකරණයන් මෙරට අපනයන ක්ෂේත්‍රයට එල්ල කළ හැකි බලපෑම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.





Sri Lanka Faces GSP+ Benefits Risk as World Bank Classifies Country as Upper-Middle-Income

Sri Lanka stands at a critical crossroads concerning its trade benefits, with new information indicating that if the World Bank classifies the nation as an upper-middle-income country for three consecutive years, it could face losing its GSP+ tariff concessions by 2030. Reports highlight the significant danger of this change under the new classification process, as conveyed by diplomatic sources.

According to the regulations governing the European Union's GSP tariff concessions, a country identified as an upper-middle-income nation for three successive years risks being removed from the GSP list. However, nations that may lose this benefit are granted a two-year grace period to prepare for the transition. This implies that should Sri Lanka be designated as an upper-middle-income country in 2026, 2027, and 2028, it could see the loss of its trade benefits starting January 1, 2030, according to these reports.

Despite the implications, it is clear that merely being classified as an upper-middle-income country this year will not jeopardize existing benefits or pose obstacles to reapplication under the new framework. The new GSP+ regulations from the European Union are set to take effect from January 1, 2024, allowing Sri Lanka a deadline until December 31, 2028, to reapply.

Countries currently benefitting from these concessions have been given a two-year timeline to comply with the new conditions, ensuring uninterrupted access to trade benefits during this period. Nevertheless, it has been emphasized that a proactive action plan must be developed to address the new regulations, accompanied by a fresh application submission.

Notably, the updated regulations include international conventions such as the Paris Climate Agreement and the United Nations Convention against Transnational Organized Crime. Additionally, Sri Lanka's progress on human rights, labor rights, and other international commitments will play a crucial role in securing new benefits.

In the meantime, a meeting of the active committee discussing trade and economic cooperation between Sri Lanka and the European Union is scheduled for the 17th of this month, where the focus will be on reapplying for GSP+ status and the potential impacts of future income classifications on the country’s export sector.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ලංකාවේ අදායම වැඩි වුනාට ඊට වඩා බඩු මිල වැඩිවෙනවා.

    ReplyDelete
Previous Post Next Post