හැටන් නගරයේ පවතින දැඩි තදබදය අවම කිරිම සදහා හැටන් නගරයේ පදික වේදිකාවට අවහිර වන සේ වෙළදාම් කරන වෙළදුන්ට සහ අනවසර ඉදි කිරිම් කර ඇති වෙළදුන්ට දින 03ක කාලයක් තුල එම අනවසර වෙළදසැල් කඩා ඉවත් කර ගන්නා ලෙසටත් පදික වෙළදාමේ නිරත පුද්ගලයන්ට එම වෙළදාම් කටයුතුවලින් ඉවත් වන ලෙසට (16) දින නියෝග කරනු ලැබූවා.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ ප්රචාරක අංශයේ නිළධාරින් විසින් ශබ්ද විකාශන යන්ත්ර යොදා ගනිමින් හැටන් නගරයේ දි දැනුවත් කිරිමටද පියවර ගනු ලැබූහ.
හැටන් ප්රධාන වීදිය, පැති වීදිය, හැටන් ශක්ති ශාලාව, හැටන් මහජන පොළ භූමිය තුල අනවසර වෙළදාම් සහ අනවසර ඉදි කිරිම් ඉවත් කර ගන්නා ලෙසටයි මෙසේ නගර සභාවේ නිළධාරින් විසින් දැනුවත් කරනු ලැබූවේ.
රංජිත් රාජපක්ෂ
Action Taken to Clear Unauthorized Vendors in Hatton Area
In an effort to reduce the severe congestion in Hatton, local authorities have announced a three-day ultimatum for vendors operating illegally and obstructing pedestrian walkways. They must dismantle their unauthorized stalls and vacate the area.
This directive was issued on the 16th as part of a campaign by the Hatton Municipal Council, under the guidance of its chairman, Ashoka Karunaratne. Officials from the council's public relations division have begun using sound amplification equipment to spread awareness about the initiative throughout the town.
The focus of this operation includes the main streets of Hatton, side roads, the Hatton Power House, and public lands. Authorities are reminding residents and vendors that illegal trading and unauthorized constructions will not be tolerated.
Reported by Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
