සිමෙන්ති මිටියක් 300කින් වැඩි කරලා..


 ගතවූ මාස දෙක තුනක කෙටි කාලය තුළදී සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කට ආසන්න මුදලකින් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවත්, මේ හේතුවෙන් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය මත යැපෙන ලක්ෂ 15කට අධික ජනතාවකගේ රැකියා හා ජීවනෝපාය දැඩි අනතුරකට ලක්ව ඇති බවත් ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සිමෙන්ති කොට්ටයක් ද රැගෙන විත් කරුණු දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් සුපුන් අබේසේකර මහතා පෙන්වා දුන්නේ, මීට පෙර රුපියල් 1,900ක පමණ මිලකට පැවති සිමෙන්ති කොට්ටයක් මේ වන විට රුපියල් 2,250 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

එසේම ඇතැම් සමාගම් විසින් සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 2,400ක් දක්වා සටහන් කර වෙළෙඳපොළට නිකුත් කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

නිෂ්පාදන සමාගම් විසින් පියවරෙන් පියවර මෙලෙස මිල ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව හෙතෙම පැවසීය. 

මේ වන විටත් මෙරට පුහුණු ශ්‍රමිකයන් විශාල පිරිසක් රැකියා අපේක්ෂාවෙන් රුමේනියාව සහ ඊශ්‍රායලය වැනි විදේශ රටවලට සංක්‍රමණය වීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ දැඩි ශ්‍රම හිඟයක් නිර්මාණය වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඊට අමතරව වැලි, ඇලුමිනියම් ඇතුළු අත්‍යවශ්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම හමුවේ සමස්ත ක්ෂේත්‍රයම සම්පූර්ණයෙන්ම අඩපණ වීමේ අවදානමක් මතුව ඇතැයි අබේසේකර මහතා අවධාරණය කළේය.

වෙළෙඳපොළේ සිදුවන මෙම අත්තනෝමතික මිල ඉහළ දැමීම් වැළැක්වීම සඳහා විෂයභාර අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවත්, සිමෙන්ති සඳහා සාධාරණ පාලන මිලක් නියම කර නීතිරීති පැනවීම මඟින් කඩා වැටෙමින් පවතින දේශීය ඉදිකිරීම් කර්මාන්තය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.





Construction Industry Faces Crisis as Cement Prices Surge

The National Construction Workers' Union has raised alarm over what it describes as an unjustified surge in cement prices, which have skyrocketed by nearly 300 rupees in just two to three months. This spike poses a severe threat to the livelihoods of over 1.5 million people reliant on the local construction sector.

During a media briefing in Colombo, the union's General Secretary, Supun Abeysekara, highlighted that the price of a cement bag, which previously stood at around 1,900 rupees, has now escalated to approximately 2,250 rupees. Alarmingly, some companies have reportedly marked retail prices as high as 2,400 rupees before releasing their products into the market.

Abeysekara criticized the gradual price increases implemented by production companies, noting that this trend is plunging both consumers and small to medium contractors into a significant economic crisis.

Moreover, he pointed out that the ongoing migration of skilled workers to foreign countries such as Romania and Israel has created a substantial labor shortage within the construction sector.

In addition, the continuous rise in prices for essential construction materials like sand and aluminum has raised concerns about potential overall sector collapse, as indicated by Abeysekara.

The union is urging immediate intervention from relevant authorities, including the subject Minister, to curb these exorbitant price hikes. They are calling for the establishment of a fair regulatory price for cement to protect the beleaguered local construction industry from further decline.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post