ඩොලර් බිලියන 4.8ක ආයෝජන ව්‍යාපෘති රැසක් රට හැර ගිහින්...


වත්මන් රජය සතුව පවතින රාජ්‍ය පාලන අත්දැකීම්වල සහ දේශපාලන දැක්මේ දැඩි ඌනතාවය හේතුවෙන්, හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ඩොලර් බිලියන 4.8 ක දැවැන්ත චීන තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඇතුළු ප්‍රමුඛ පෙළේ විදේශ ආයෝජන රැසක් මෙරට අතහැර ගොස් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිතව තිබූ ‘චයිනා ලොජිස්ටික්ස්’ සමාගම මෙන්ම මන්නාරමේ සිට යාපනය දක්වා ක්‍රියාත්මක කිරීමට ගිය ඉන්දීය අදානි සමාගමේ හරිත බලශක්ති ව්‍යාපෘතිය ද මෙරටින් අත්හැර දමා ගොස් ඇති බවයි. ඊට අමතරව හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට සූදානම් වූ ඩොලර් බිලියන 4.8 ක චීන පිරිපහදු ආයෝජනය සහ සාම්ප්‍රදායික මත්ස්‍ය කර්මාන්තයට අදාළ ව්‍යාපෘති ද ආපසු හැරී ගිය ආයෝජන අතර වන බව ඔහු සඳහන් කළේය.

රජයේ අයවැය කළමනාකරණය දැඩි විවේචනයට ලක්කළ රාඝවන් මහතා, පසුගිය වසරේ අයවැයෙන් වෙන් කරගත් මුදල් පවා නිසි ලෙස භාවිතයට ගැනීමට අසමත් වූ පාලකයන්ට නව අයවැය ප්‍රායෝගිකව සාර්ථක කරගත නොහැකි බව පැවසීය. නරක් වූ උල්පතකින් ගලා එන ජලය කිසිදා අලුත් හෝ පිරිසිදු නොවන බවට උපමාවක් ගෙනහැර දැක්වූ ඒ මහතා, ආණ්ඩුකරණය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් නොමැති පාලකයන් ලේඛනගතව අයවැය කොතෙක් අලංකාර ලෙස ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක කිරීමට තරම් බුද්ධියක් හෝ හැකියාවක් ඔවුන් සතුව නොමැති බවට චෝදනා කළේය.





Former MP Raises Concerns Over Exiting Foreign Investments in Sri Lanka

Amidst a prevailing lack of strategic governance and political clarity, former Member of Parliament, Professor Suren Raghavan, has warned that several crucial foreign investments, including a monumental Chinese oil refinery project valued at $4.8 billion, are exiting Sri Lanka. This revelation highlights a troubling trend in foreign direct investments within the Hambantota region.

Speaking at a media briefing at the Sri Lanka Freedom Party headquarters, Raghavan shed light on the alarming departure of investments that had initially been set to bolster the country's economic landscape.

He noted that not only has the 'China Logistics' project planned for Colombo Port been abandoned, but the Indian Adani Group, which had intended to initiate a green energy project spanning from Mannar to Jaffna, has also withdrawn from the country. According to Raghavan, these moves, alongside the stalled $4.8 billion Chinese oil refinery investment and other ventures tied to the traditional fishing industry, signify a serious retreat of investor confidence.

Critically assessing the government’s budget management, Raghavan lamented the previous administration's inability to utilize even the allocated funds effectively last year. He opined that the current government would struggle to implement any practical budget effectively, given the evident mismanagement. Drawing a metaphor of stagnant water, he compared the ineffectiveness in governance to the idea that water from a dirty drain could never be fresh or clean. He accused the rulers of displaying a lack of comprehension worthy of rather mundane levels concerning government administration, asserting that regardless of how elegantly the budget might be presented, the ruling officials lack the intelligence or capability to enact it successfully.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post