මග නතර වූ ව්‍යාපෘති 72ක් ගැන තොරතුරු එලියට...


 අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2021–2023 මූල්‍ය වර්ෂවලට අදාළ ත්‍රෛ වාර්ෂික වාර්තා, 2024 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන්  එම කාරක සභාව  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ඒ අනුව අතරමඟ නතර වූ මෙම ව්‍යාපෘති 72 සඳහා රුපියල් මිලියන 1,664ක මුදලක් වැය කර තිබූ බව මෙහිදී අනාවරණය විය. ඒ අතරින් ව්‍යාපෘති 35ක් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, ව්‍යාපෘති 13ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, තවත් ව්‍යාපෘති 4ක් අත්හිටුවා ඇති බවත්, ව්‍යාපෘති 20ක් කොන්ත්‍රාත්තු සම්බන්ධ ගැටලු හේතුවෙන් නතර වී තිබෙන බවත් නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ. කෙසේ වෙතත් එම ගැටලු විසඳා ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් පවතින බව ද එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

2019 වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් තුනක් බැගින් පිහිටුවීමේ වැඩසටහන යටතේ තෝරා ගත් පාසල්වල භෞතික සංවර්ධනය සහ උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 1,600කට ආසන්න මුදලක් ලබා දී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, ප්‍රතිපත්තිමය තීරණ මත එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බැවින්, එක් එක් පාසලට ලබා දුන් මුදල් සහ සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින්  නිලධාරීන්ට  උපදෙස්  දෙන ලදී.

මේ අතර, අමාත්‍යාංශය ඇණවුම් කළ පරිගණක තොගයක් තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල නොවීම හේතුවෙන් භාරගෙන නොමැති බවත්, ඒ සඳහා ගෙවීම් සිදු කර නොමැති බවත්, සැපයුම්කරු විසින් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් අනාවරණය විය.

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා වූ අතර, ගුරු තොරතුරු සහ සිසුන්ගේ ඇගයීම් දත්ත ඇතුළත් කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බව නිලධාරීහු පැවසූහ. පළාත් කිහිපයක ගුරු ස්ථාන මාරු මෙම පද්ධතිය හරහා ක්‍රියාත්මක වන බව ද, එය දිවයිනේ සියලු පළාත් සහ ජාතික පාසල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.

තවද, ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනයේදී ඇස්තමේන්තු සකස් කිරීමේ ප්‍රමාදයන්, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ටෙන්ඩර් ගැටලු හේතුවෙන් බාධා මතුව ඇති බව ද අනාවරණය විය. විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීමේ ප්‍රමාදය සම්බන්ධයෙන්ද කරුණු විමසූ කාරක සභාව, ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා  දෙන ලදී.






Parliamentary Committee Reviews Education Ministry’s Financial Reports and Project Status

During a recent meeting of a parliamentary committee chaired by MP Kabir Hashim, significant insights emerged regarding the Ministry of Education's financial performance for the years 2021-2023. The gathering also reviewed the 2024 Auditor General’s report, shedding light on various operational issues.

It was revealed that a staggering sum of 1.664 billion rupees had been allocated to 72 suspended projects. Among these, 35 projects have been successfully completed, while activities for 13 projects are currently in progress. However, four projects have been put on hold, and an additional 20 have come to a standstill due to contractual disputes. Despite these setbacks, officials assured the committee that steps are being taken to resolve these issues and reinstate the halted projects.

In a related development, officials disclosed that approximately 1.6 billion rupees had been provided for the physical development and procurement of equipment for selected schools under a program initiated in 2019 to establish three national schools in each divisional secretariat. Nevertheless, due to policy decisions, the program has been discontinued. The committee instructed the officials to present a comprehensive report outlining the funds allocated to each school and the developments undertaken.

Additionally, it was noted that a batch of computers ordered by the Ministry has not been received, as they did not meet the required technical specifications. Payments for these orders have not been processed, and the supplier has initiated two legal cases against the ministry.

The committee also discussed the progress of the National Education Management Information System (NEMIS), emphasizing the priority of incorporating teacher information and student assessment data. They confirmed that teacher transfers are being managed through this system and that it aims to expand coverage to all provinces and national schools across the country.

Moreover, challenges related to delays in the preparation of estimates for the allocation of funds, a shortage of technical staff, and tender-related issues have been highlighted. In response to delays in answering audit inquiries, the committee advised officials to take prompt actions to rectify the situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post