ADB අධාරයෙන් දුන් කෝටි ගණනක පිළිකා උපකරණ ටෙන්ඩර්වල අක්‍රමිකතා.. ADB වෙත පැමණීල්ලක්...


ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍යාධාර යටතේ පිළිකා රෝහල් සඳහා ලබා ගැනීමට නියමිත රුපියල් කෝටි ගණනක් වටිනා පිළිකා ප්‍රතිකාර උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේදී බරපතළ පක්ෂග්‍රාහීත්වයක් සිදුවන්නේ දැයි සොයා බලන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටියි.

ඇතැම් සමාගම්වලට අදාළ ටෙන්ඩර් කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන අතරතුර, විවෘත තරගකාරී පදනමින් අනෙකුත් සමාගම් ජයග්‍රහණය කළ ටෙන්ඩර් හිතාමතාම ප්‍රමාද කරමින් පවතින බවට ද ඔහු චෝදනා කරයි.

ඒ අනුව, රෝහල් පහක් (05) සඳහා අවශ්‍ය ඩොසිමෙට්‍රි (Dosimetry) උපකරණ ලබාදීම සහ මහරගම අපේක්ෂා රෝහලට රේඛීය ත්වරණ යන්ත්‍ර (Linear Accelerators) දෙකක් ලබාදීමේ ටෙන්ඩර් කටයුතු කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බවත්, එහි එක් ඒකකයක් සඳහා වසර 17ක් තරම් පැරණි මාදිලියක් පවා නිර්දේශ වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එසේ තිබියදී, රෝහල් පහක් සඳහා CT සිමියුලේටර් (CT Simulators) සැපයීමේ ටෙන්ඩරය වෙනත් සමාගමක් විසින් නීත්‍යනුකූලව ජයග්‍රහණය කර තිබියදීත් ඊට විවිධ අභියෝග එල්ල කරමින් සිටින බවත්, ගාල්ල කරාපිටිය රෝහලේ අදාළ ටෙන්ඩර් ඇගයීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

පිළිකා ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය මෙවැනි ජීවිතාරක්ෂක උපකරණ ලැබීම ප්‍රමාද වීමෙන් අසරණ රෝගීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙන ඒ මහතා, අවශ්‍යතා අතර ගැටුම් සහිත තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයන් වහාම එම වගකීම්වලින් ඉවත් කර, මේ පිළිබඳ සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් ඇගයීමක් කඩිනමින් සිදුකරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ද (ADB) ඉල්ලා සිටියි.





Call for Fairness in Tender Process for Cancer Treatment Equipment in Sri Lanka

The President of the Medical and Civil Rights Professionals' Association, Dr. Chamath Sanjeewa, has urged authorities to investigate potential bias in the tendering process for purchasing vital cancer treatment equipment under the Asian Development Bank (ADB) funding. Significant concerns have been raised about fairness and transparency as multiple companies appear to be facing undue obstacles while others proceed unencumbered.

Dr. Sanjeewa pointed out that while some companies are advancing in the tender process without hindrance, others are reportedly experiencing deliberate delays in the awarding of contracts. He highlighted the ongoing tendering for Dosimetry equipment across five hospitals and the procurement of two linear accelerators for the Maharagama Cancer Hospital, which seems to be progressing smoothly, albeit with one proposed unit being as much as 17 years old.

Despite another company's successful legal bid for a tender to supply CT simulators for the same five hospitals, challenges to their victory have surfaced. The evaluation process for the tender concerning Karapitiya Hospital, in particular, remains completely stalled, adding to the growing frustrations expressed by Dr. Sanjeewa.

The delay in acquiring these critical life-saving devices for cancer treatment poses a severe injustice to vulnerable patients, he noted. He has called on health authorities, as well as the ADB, to remove conflicting interests within the technical evaluation committee and ensure a prompt, fair, and transparent assessment of the tender submissions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post