මාළු අල්ලන App එක දැන් ලක්‍ෂයකට වඩා පාවිච්චි කරනවා..


 ගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය බහුලව ගැවසෙන කලාප කඩිනමින් සොයාගැනීම සඳහා හඳුන්වා දෙන ලද නවීන මෘදුකාංග යෙදුම මේ වන විටත් මෙරට ලක්ෂයකට අධික ධීවර ප්‍රජාවක් සාර්ථකව භාවිත කරමින් සිටින බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.

අයවැය විවාදයට එක්වෙමින් අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මෙම තාක්ෂණික යෙදුම තවදුරටත් නවීන පහසුකම්වලින් සවිබල ගන්වා වැඩිදියුණු කිරීම සඳහා විදේශීය සමාගම් මෙන්ම මෙරට ප්‍රමුඛ සන්නිවේදන ආයතන සමඟ ද මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

එමෙන්ම මෙවර ඉදිරිපත් කෙරුණු නව අයවැය මඟින් ද අදාළ මෘදුකාංග යෙදුම වැඩිදියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය හා ප්‍රතිපත්තිමය අවධානය යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





New Software System Enhances Deep-Sea Fishing Capabilities for Local Fishermen

Deputy Minister of Fisheries, Ratna Gamage, announced that a state-of-the-art software application introduced to optimize deep-sea fishing has already been successfully adopted by over a hundred thousand fishermen across the country.

Speaking during the budget debates in Parliament today, Gamage revealed the widespread usage of this technology within the fishing community, highlighting its potential to revolutionize fishing practices.

The application is presently under discussions for further enhancements, involving collaboration with both international firms and leading communication organizations in Sri Lanka, according to the Deputy Minister. This initiative aims to equip the software with even more advanced features.

He also indicated that the new budget proposal includes financial and policy considerations essential for the continued development of this software, ensuring it meets the evolving needs of the fishing industry.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. මිනිස්සුන්ට වකුගඩු,අක්මා කියනවා වගේ "බොරුව" කියන්නෙ මුන්ගෙ ඇඟේම තියන කෑල්ලක් !

    ReplyDelete
  2. මේකත් බොරුවක් ද කොහෙ ද. මමනම් කොහෙවත් මෙහෙම ඇප් එකක් දැකලා නැහැ. මේක ඇත්තටම කළා නම් මුන් අඬබෙර ගහලා කනක් ඇහිලා ඉන්න බැරි තත්ත්වයක් තියේවි සමාජ මාධ්‍යවල.

    ReplyDelete
  3. මිනිස්සුන්ට වකුගඩු , අක්මා තියෙනවා වගේ, "බොරුව" කියන්නෙ මුන්ගෙ ඇඟේම තියන කෑල්ලක් !

    ReplyDelete
Previous Post Next Post