රජයේ තුන්වන අයවැය ලේඛනය මඟින් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ලබන 19 වැනිදා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (නොවැම්බර් 13) පැවැත්විණි.
එහිදී අනාවරණය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ අයවැය කතාව සහ ඊට අදාළ ලේඛනවල අන්තර්ගත කරුණුත්, පසුගිය ජූලි මස 31 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජය වෙත බාරදුන් අයවැය යෝජනාවලියත් අතර පැහැදිලි පරස්පරතාවන් පවතින බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අයවැය ලේඛනය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීම උදෙසා විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට විධායක කමිටුව පියවර ගෙන ඇති අතර, එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන අඟහරුවාදා (නොවැම්බර් 17) ලබාගැනීමට නියමිතය.
මීට අමතරව, අයවැය කතාවට අදාළ සියලු ලේඛන අද දිනයේදීම දිවයින පුරා පිහිටි සියලුම ශාඛා සමිති වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව සියලු ශාඛා සමිති වහා රැස්වී, සාමාජිකත්වයේ අදහස් හා යෝජනා ලබන 17 වැනිදා වන විට විශේෂ කමිටුව වෙත යොමු කරන ලෙසට උපදෙස් දී තිබේ.
ශාඛා සමිතිවලින් ලැබෙන යෝජනා සහ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ ගැඹුරින් සමාලෝචනය කිරීම සඳහා ලබන 19 වැනි බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව රැස්වනු ඇත.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය උදෙසා වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම දිරිමත් කෙරෙන තිරසාර වැඩපිළිවෙළක් යථාර්ථයක් බවට පත් කරගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග එහිදී නිල වශයෙන් තීරණය කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය යු.කේ.බී. වරකාගොඩ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Emergency Meeting of State Medical Officers Called to Address Budget Proposals
The Government Medical Officers' Association (GMOA) has announced an emergency meeting of its central committee on November 19 to delve into recommendations regarding the third budget document presented by the government, focusing on national healthcare and medical professionals.
This decision followed a special executive committee meeting held today, November 13, to discuss the 2027 budget proposals introduced in Parliament. It was revealed during the session that there are significant discrepancies between the President's budget speech and the budget proposals submitted by the GMOA to the government on July 31.
In light of these inconsistencies, the executive committee has moved to establish a specialized committee led by Dr. Sanjeewa Thennakoon to conduct a thorough scientific and comprehensive analysis of the budget document. The report containing the committee's recommendations is expected to be finalized by Tuesday, November 17.
Additionally, all documents related to the budget speech have been dispatched to branch unions nationwide today. Consequently, all branch unions have been instructed to convene immediately and submit their feedback and proposals to the specialized committee by November 17.
On November 19, the GMOA's central committee will reconvene to closely examine the proposals received from the branch unions alongside the recommendations from the specialized committee.
According to the statement released by the association's secretary, Dr. U.K.B. Varakagoda, decisions regarding necessary professional actions to ensure the retention of doctors and specialists within the country's healthcare system will be officially determined during this meeting.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

