අපි ධීවරයන්ට APP එකක් දුන්නා.. ඒක දියුණු කරන්න අයවැයෙන් බිලියනයක් දැම්මා..


 මෙරට ධීවර කර්මාන්තය නවීන තාක්ෂණය සමඟ බද්ධ කරමින් ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය හඳුන්වා දුන් විශේෂිත ජංගම දුරකථන යෙදවුම  තවදුරටත් පුළුල් කර නවීකරණය කිරීමට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහසක් (බිලියනයක්) වෙන් කර ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.

පැවති ජන හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

නූතන සමාජයේ සෑම පුරවැසියෙකුගේම දෛනික ජීවිතය ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක සහ ටැබ් වැනි ඩිජිටල් උපකරණ සමඟ අනුලංඝනීය ලෙස බැඳී පැවතුණද, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය වෙත එවැනි දියුණු තාක්ෂණික මෙවලම් නිසි පරිදි මෙතෙක් ළඟා වී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ධීවරයින්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් නව තාක්ෂණික යෙදවුමක් හඳුන්වාදීමට පියවර ගත් බව සිහිපත් කළ ඒ මහතා, එම පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම කරමින් ගැඹුරු මුහුදේ පවතින සංවේදී කාලගුණික තොරතුරු සහ සාගර සම්පත් පිළිබඳ දත්ත ධීවරයින් වෙත කඩිනමින් සැපයීම සඳහා 2026 වසරේ අයවැය මඟින් රුපියල් බිලියනයක මුදලක් වෙන්කර ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.





Government Allocates Rs. 1 Billion to Revolutionize Fishing Industry with Technology

The government has earmarked Rs. 1 billion from the 2026 budget to enhance and expand a specialized mobile application aimed at empowering the fishing community by integrating modern technology into the country's fishing industry. This announcement was made by the Deputy Minister of Fisheries, Aquatic Resources and Marine Affairs, Ratna Gamage, during a public gathering.

Gamage emphasized that while smart mobile phones, computers, and tablets have become indispensable in the daily lives of citizens in contemporary society, the fishing sector in Sri Lanka has yet to fully embrace such advanced technological tools.

He noted that since the current government took office, it has initiated steps to introduce a new technological application to ensure the safety and convenience of fishermen. The funding allocated in the upcoming budget is intended to further enhance this system by rapidly providing fishermen with critical data on hazardous weather conditions and marine resources in the deep sea.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post