චිත‍්‍රපට සංස්ථාවට ලොකු චෝදනාවක්.. සංස්ථාවෙන් ප‍්‍රතිචාර..


 ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මුදල් ලබාගනිමින් ‘රිට්මා’ බෙදාහැරීමේ මණ්ඩලය යටතේ අනුක්‍රමික පෝලිම කඩකර චිත්‍රපට මුදාහරින බවට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව දන්වමින් ජාතික චිත්‍රපට සංස්ථාව නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය මගින් අවධාරණය කෙරෙන්නේ, අදාළ පුද්ගලයා විසින් රජය, අදාළ අමාත්‍යාංශය, චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සහ එහි නිලධාරීන් අපකීර්තියට පත් කරමින් සිදුකරන ලද මෙම අපහාසාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් දැඩි අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රිට්මා මණ්ඩලය හරහා තිරගත කිරීමට චිත්‍රපට තෝරාගනු ලබන්නේ කිසිදු පුද්ගලික හිතුමතයකට අනුව නොව විධිමත් කමිටු ක්‍රමවේදයක් ඔස්සේ බව සංස්ථාව පැහැදිලි කරයි. ඒ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලත් සිනමාහල් හිමියන්, කාර්මික ශිල්පීන් සහ සිනමා විචාරකයින් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයකින් අවම වශයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත පූර්ව තේරීම් කමිටුවක් මගින් චිත්‍රපට නරඹා නිර්දේශ කරනු ලබයි. එහිදී,

  • ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපට (Main Release)
  • අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රථම සිනමා නිර්මාණ
  • ජාතික හා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට
  • සමාජ දේශපාලන තේමාවන් රැගත් සිනමාපට

යන කාණ්ඩයන්ට මුල්තැන දෙමින් ප්‍රදර්ශනය සඳහා අවස්ථාව සලසා දෙන බව එම නිවේදනයේ විස්තර කර ඇත.

සිනමා කර්මාන්තයට සම්බන්ධ අයෙකු සභාපති ධුරයට පත්කිරීම තුළින් 'බැඳියාවන් අතර ගැටුමක්' නිර්මාණය වන බවට නගන චෝදනාව නීතිය පිළිබඳ නොදැනුවත්කම මත සිදුකළ එකක් බව චිත්‍රපට සංස්ථාව පෙන්වා දෙයි. 1971 අංක 47 දරන (සංශෝධිත) ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 7(1)(ඇ) වගන්තියට අනුව, අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 6 දෙනා අතුරින් දෙදෙනෙකු (02) චිත්‍රපට කර්මාන්තය පිළිබඳ අත්දැකීම් සහිත පුද්ගලයන් විය යුතු බවට ව්‍යවස්ථාපිතවම නියම කර තිබේ.

අතීතයේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරානි, දමිත් ෆොන්සේකා, සනෝජා බිබිලේ, රේණුකා බාලසූරිය, නදීකා ගුණසේකර වැනි ප්‍රවීණ සිනමාවේදීන් මෙන්ම ආරම්භක සාමාන්‍යාධිකාරී ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය තිස්ස අබේසේකර සහ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ සුමින්ද අමරසිංහ යන සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයන් සංස්ථාවේ ඉහළ තනතුරු සහ සභාපති ධුරයන් හෙබවූයේ එම නීතිමය ප්‍රතිපාදන මත බව මෙහිදී සිහිපත් කර ඇත. තවද, පනතේ 7(2) වගන්තිය යටතේ දක්වා ඇති මන්ත්‍රී ධුර දැරීම, සංස්ථාව සමඟ මූල්‍යමය හෝ ව්‍යාපාරික ප්‍රතිලාභ ලැබීම වැනි කිසිදු නුසුදුසුකමක් වත්මන් සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේ නොමැති බවද එහි දැක්වේ.

'MY RED COMRADE' සිනමාපටය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් හිටපු සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා හෝ සංස්ථා නිලධාරියෙකු අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බවට සිදුකර ඇති ප්‍රකාශය පදනම් විරහිත අභූත චෝදනාවක් බවත්, හිටපු සභාපතිවරයා වෙත එල්ල කළ එම අපහාසාත්මක ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සංස්ථාව වැඩිදුරටත් කියා සිටී.





National Film Corporation Denounces Allegations of Financial Misconduct

The National Film Corporation of Sri Lanka has issued a strong rebuttal to claims made by civil society activist Sanjaya Mahawaththa regarding alleged financial irregularities within the organization. He accused officials, including the chairman, of distributing films outside the approved framework. The corporation has categorically rejected these statements as entirely false and baseless.

In a formal press release signed by the current chairman, Sudath Mahadivulwewa, the National Film Corporation emphasized that immediate legal action would be taken against Mahawaththa for his defamatory comments that impugn the integrity of the government and its officials.

The corporation clarified that the selection of films for screening through its distribution board follows a systematic process, devoid of personal favoritism. Films are evaluated and recommended by a preliminary selection committee comprising at least five experts from a board of fifteen members, which includes cinema hall owners, industry professionals, and film critics.

Categories prioritized for screening include:

  • Main Release Films
  • First Works by Directors
  • Films eligible for National and International Awards
  • Films addressing social and political themes

This formal announcement further outlined that such films would be encouraged for presentation at screenings.

Addressing accusations of a “conflict of interest” arising from the appointment of industry insiders to leadership roles, the corporation pointed out that these allegations stem from a misunderstanding of legal provisions. According to Section 7(1)(a) of the National Film Corporation Act No. 47 of 1971 (amended), the Minister must appoint six board members, two of whom are required to have experience in the film industry.

Recall of esteemed cinema figures such as Dr. Ravindra Randeniya and renowned directors and cinematographers, including Dr. Tissa Abeysekera and Suminda Amarasinha, indicates that such legal stipulations have been traditionally upheld in the past. Additionally, it was affirmed that there are no inappropriate qualifications pertaining to holding ministerial roles or receiving financial or business benefits for the current chairperson or board members under the provisions of Section 7(2) of the Act.

The allegations against former chairman, attorney Deepal Chandraratne, regarding unlawful financial gain in connection with the screening of the film 'MY RED COMRADE' are deemed unfounded and are met with severe condemnation from the corporation. It reiterated that the disparaging remarks aimed at the former chairman would be addressed with significant scrutiny.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post