සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව සිට පසුව එල්ල වූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ශ්‍රී ලාංකික තරුණයකු වන අනෝජන් සිවරාසා මහතාගේ දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
එම හමුවේදී සිවරාසා මහතාගේ මවුපියන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා, ලෝකයේ කුමන රටක විසුව ද විපතට පත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම රාජ්‍ය නායකයා ලෙස තම පරම වගකීමක් බව අවධාරණය කළේය.
මරණයේ මුවවිට සිටි ශ්‍රී ලාංකික තරුණයා බේරාගැනීම සඳහා සහයෝගය ලබා දුන් සෞදි අරාබි රාජ්‍යයට සිය විශේෂ කෘතඥතාව පළ කළ ජනාධිපතිවරයා, මේ වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම ජාති, ආගම් හෝ පක්ෂ පාට භේදයකින් තොරව හඬනැඟූ සියලු පාර්ශ්වයන් වෙත සිය ප්‍රසාදය පළ කළේය. මෙම සාමූහික ප්රයත්නයේ සාර්ථකත්වය සමස්ත රටක් ලෙස එක්ව අත්පත් කරගත් මානුෂීය ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රැකියාවක් සඳහා සෞදි අරාබියට ගොස් සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසා නමැති තරුණයාට එරටදී ආගමික අපහාස සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබිණි.
කෙසේ වෙතත්, ඔහු මරණ දඬුවමින් බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, තානාපති කාර්යාල නිලධාරීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් දීර්ඝ රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය සටනක නිරත විය.
එහි ප්‍රතිඵලයක් ලෙස මරණ දඬුවම ඇතුළු සියලු චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට සෞදි අධිකරණය මෑතකදී නියෝග කළේය.
Family of Freed Sri Lankan National Meets President
In a significant development, Anojan Sivarasa, a Sri Lankan youth wrongfully convicted and sentenced to death in Saudi Arabia, was reunited with his family today at the Presidential Secretariat. His parents and family members expressed their gratitude for the support received during his ordeal.
During the meeting, President Anura Kumara Dissanayake engaged in a heartfelt discussion with Sivarasa's parents. He emphasized that ensuring the safety and rights of Sri Lankans facing adversity abroad is a foremost responsibility of any state leader, reiterating the government's commitment to their well-being.
The President conveyed sincere thanks to the Kingdom of Saudi Arabia for its role in rescuing Sivarasa from a dire situation, acknowledging the collaborative efforts of the Sri Lankan Embassy, the Ministry of Foreign Affairs, and various other entities that transcended ethnic or political differences. He regarded the successful resolution of this case as a collective humanitarian triumph for the entire nation.
A resident of the Jaffna region, Sivarasa had been in Saudi Arabia for employment when he became embroiled in a criminal case related to an alleged religious offence, which resulted in the imposition of the death penalty by a local court.
However, sustained advocacy from officials at the Ministry of Foreign Affairs, the embassy personnel, and human rights activists led to a prolonged diplomatic and legal battle, ultimately culminating in the recent court ruling that exonerated him of all charges.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හොඳ වැඩක්, අගය කල යුත්තක්
ReplyDelete