වොෂින්ටනයට ඉරානයෙන් විකිරණ බොම්බ ප්‍රහාරයකට සැලසුමක්..


 එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් ඩී.සී. නුවර ඉලක්ක කරගනිමින් විකිරණශීලී ද්‍රව්‍ය විසිරුවා හරින ඊනියා ‘ඩර්ටි බොම්බ්’ (Dirty Bomb) ප්‍රහාරයක් දියත් කිරීමට ඉරානය සැලසුම් කරන බවට පළවන බුද්ධි තොරතුරු වාර්තා පිළිබඳව තම පරිපාලනය දැඩි අවධානයක් යොමු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

පිලිපීනය සහ චීනය බලා පිටත්ව යාමේ සංචාරය අතරතුර මැනිලා නුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම බුද්ධි වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජනපදය මේ වන විටත් සවිස්තරාත්මකව කරුණු විමර්ශනය කරමින් සිටින බවයි.

එවැනි ප්‍රහාරයක ආසන්න තර්ජනයක් පවතින්නේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී ට්‍රම්ප් දැඩි ස්වරයෙන් ප්‍රකාශ කර ඇත්තේ, "යම් හෙයකින් එවැනි තර්ජනයක් ඇත්නම්, මෙතෙක් ලෝකයේ කිසිදු රටක් නොගෙවූ ආකාරයේ දැවැන්ත වන්දියක් ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇති" බවයි. 

ප්‍රහාරයක් එල්ලවීමේ සෘජු හැකියාවක් පවතින්නේදැයි නැවත විමසූ විට, "එවැනි දෙයක් සිදු නොවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා, නමුත් ඔවුන් උමතු ස්වභාවයෙන් පසුවන පිරිසක් බැවින් අපි මේ පිළිබඳව ඉතාමත් දැඩි අවධානයෙන් පසුවනවා" යැයිද ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

ඇමරිකානු බුද්ධි අංශ තක්සේරු වාර්තා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය මුලින්ම මෙම අනාවරණය සිදු කර තිබූ අතර, ටෙහෙරානය විසින් ඇමරිකානු අගනුවර ඉලක්ක කර මෙවැනි විකිරණශීලී බෝම්බයක් පුපුරුවා හැරීමේ හැකියාවන් පිළිබඳව සැලසුම් සකස් කරමින් සිටින බව එහි සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත්, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා, 'X' ගිණුමේ සටහනක් තබමින් මෙම වාර්තා සම්පූර්ණයෙන්ම "පදනම් විරහිත සහ ගොතන ලද ප්‍රබන්ධයක්" බව ප්‍රකාශ කර ඇතැයි රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.

‘ඩර්ටි බොම්බ්’ (Dirty Bomb) හෙවත් විකිරණශීලී විසිරුම් උපකරණයක් යනු සාම්ප්‍රදායික පුපුරණ ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විකිරණශීලී ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම සඳහා යොදාගන්නා අවියකි. එය සැබෑ න්‍යෂ්ටික අවියක් මෙන් දැවැන්ත න්‍යෂ්ටික පිපිරීමක් හෝ විනාශයක් සිදු නොකළද, විකිරණ කාන්දු කරවීම මඟින් ප්‍රදේශයක් පුරා බරපතළ මහජන භීතියක්, සෞඛ්‍යමය හානියක් සහ පරිසර දූෂණයක් ඇති කිරීමට සමත් වේ.





Trump Alerts on Iranian Plans for Potential 'Dirty Bomb' Attack on Washington D.C.

In a concerning revelation, President Donald Trump has emphasized that his administration is closely monitoring intelligence reports suggesting Iran may be plotting a "dirty bomb" attack aimed at Washington D.C. This warning has surfaced amidst ongoing diplomatic engagements between the Philippines and China, highlighting a tense global security landscape.

Speaking in Manila while addressing questions from media representatives, Trump indicated that the United States is actively investigating these intelligence claims. He pointed out the seriousness of the threat, stressing that if such a threat were to materialize, it could lead to unprecedented consequences for those involved.

When asked if there is an imminent risk of an attack, Trump responded firmly, "If there is any indication of such a threat, those responsible will face a monumental response unlike any country has paid in the past." His remarks underscored the administration's vigilance regarding such potential threats.

Further inquiries regarding the likelihood of an actual attack led Trump to express hope that "nothing of that sort will occur. Nevertheless, we are keeping a very close watch given the nature of the individuals we are dealing with." His comments reflected a cautious yet resolute approach to the ongoing tensions with Iran.

This warning initially came to light through a CNN report, which cited assessments from U.S. intelligence agencies regarding Tehran's capability to execute such a plan targeting the American capital.

In response to these allegations, a spokesperson for Iran's Foreign Ministry has categorically rejected the claims, labeling the reports as "baseless and fabricated" in a statement on social media.

A "dirty bomb," or radiological dispersal device, utilizes conventional explosives to spread radioactive material, creating significant public fear, health risks, and environmental contamination, although it does not cause a nuclear detonation like an atomic bomb would.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post