වාහන ගෙනාවේ නැත්නම් දැන් සංචිත බිලියන 9.2යි...- චතුරංග


 ශ්‍රී ලංකාව මෙතෙක් කල් ජංගම ගිණුමේ හිඟයක් සහිතව පැමිණි නමුත් මේ වන විට වාහන ආනයනය කිරීමට අවසර ලබාදී තිබියදී පවා එය ධනාත්මක අගයකට හරවා ගැනීමට ආණ්ඩුව සමත්ව සිටින බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

"ශ්‍රී ලංකාව වැරදි කළමනාකරණ ක්‍රමවේදයකට යොමුවෙන්නේ නැහැ. එයයි පළමු කාරණාව. දෙවැන්න, අපි මුළු රටම පවත්වාගෙන ගියේ තවත් හිඟයක් එක්ක, ඒ තමයි අපේ ජංගම ගිණුමේ හිඟය.

දැන් අපි එය ධනාත්මක අගයකට හරවාගෙන තිබෙනවා, වාහන ආයනයට අවසර ලබාදීමෙන් පසුවත්. පසුගිය වසර දෙකේදී අපි ඩොලර් බිලියන 2.3ක වටිනාකමින් යුත් වාහන ආනයනය කර තිබෙනවා.

එහෙම නොවුණා නම් අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 9.2ක් වෙනවා. අයවැය හරහා ජනතාව විවිධ ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. දැන් ඒ ප්‍රතිලාභ විවිධාකාරයෙන් ලැබෙන්න නියමිතයි. ඒවා ඔබට සෘජුවම මුදල් වශයෙන් හෝ සෘජුවම ප්‍රතිලාභ වශයෙන් ලැබෙන එකක් නැහැ."

නි. ඇමති චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ  කොළඹ අයිසීටී රත්නදීප හෝටලයේදී පැවති අයවැය විශ්ලේෂණ සම්මන්ත්‍රණයක් අමතමිනි.





Government Optimistic as Sri Lanka's Trade Balance Improves

Sri Lanka has long grappled with a negative current account balance, but the government is optimistic about a turning point as it begins to approve vehicle imports again. Minister of State Chaturanga Abeysinghe asserts that the country is successfully navigating back to a positive valuation during this transition.

“Sri Lanka will not revert to poor management practices – that is the first point to emphasize. Additionally, we have managed to sustain the economy even while facing another deficit, which is our current account shortfall,” he pointed out.

Abeysinghe highlighted that despite the recent challenges, the country has managed to turn its current account from negative to positive, allowing for vehicle imports to resume. Over the last two years, Sri Lanka has imported vehicles worth $2.3 billion.

Without this progress, the foreign reserves could have plummeted to $9.2 billion. The government aims for the public to expect various benefits through the budget, with expectations that these advantages will manifest in multiple forms, not necessarily as direct cash injections.

Minister Abeysinghe delivered these remarks at a budget analysis conference held at the ICTA Hotel in Colombo.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. අඩේ පිටරටින් කිසිම දෙයක් ගෙන්නන්නෙ නැතුව වැරහැලි ඇඳගෙන අල බතල කාල හිටියනං ඩොලර් බිලියන සීයක් විතර එකතු කරල දෙන්න තිබුණ. අපි හරි පව්කාරයො ඇමති තුමා. අපිට සමාවෙන්න.

    ReplyDelete
  2. බොරු කියන්න එපා හොටු අබේ.වාහන ගේන්න අවසර දුන්නට ඒවා ඒවා ගේන්නේ මහා බැංකු සංචිතවලින් නෙමෙයි. බැංකු පද්ධතිය තුළ තියෙන ඩොලර් වලින්.

    ReplyDelete
    Replies
    1. Ane, let him lie. So our Jeppo will be so happy.

      Delete
Previous Post Next Post