කොටියෙකු නිවසකට පැන සුනඛයෙකු ගෙන යයි...


 හැටන් පූල්බෑන්ක් ප්‍රදේශයේ වතුයායක නිවසක් අසලදී රාත්‍රියේ කඳුකර කොටියෙකු විසින් සුනඛයෙකු රැගෙන යෑමට උත්සහ කරන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබේ.

රාත්‍රී 10.00 ට පමණ හැටන් පූල්බෑන්ක් ප්‍රදේශයේ වතුයායක නිවසක සුනඛයෙකු මෙසේ කදුකර කොටියා විසින් රැගෙන යෑමට උත්සහ කර ගොස් තිබේ.

සුනඛයා කොටියාගෙන් බේරී පලායාමට සමත්වී ඇති බවත්, පසුගිය කාලය පුරාම දිගින් දිගටම එම ප්‍රදේශයේ සුනඛයින්ට කඳුකර කොටින්ගෙන් තුවාල සිදුවීමේ සහ අතුරුදහන් වීමේ සිදුවීම් වාර්තා වී ඇති බවත්, මේ හේතුවෙන් වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි බියකින් පසුවන බව ප්‍රදේශවාසීන් කියා සිටියි.

- රංජිත් රාජපක්ෂ





Residents Live in Fear as CCTV Captures Coyote Attempting to Snatch Dog in Hatton

In a startling incident captured on CCTV, a coyote was seen attempting to abduct a dog near a residence in the Hatton Poolbank area. The event took place around 10 PM, raising alarm among local residents.

Fortunately, the dog managed to escape from the coyote's grasp. However, this incident adds to a worrying trend, as numerous reports have emerged recently of dogs being injured or going missing due to attacks by coyotes in the region. Residents are expressing grave concerns for their pets and are living in fear as the coyote population appears to be encroaching on populated areas.

Witness accounts suggest that the growing number of coyote sightings has left families anxious about the safety of their animals, prompting calls for urgent action to address the wildlife threat in the vicinity.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post