කොළඹ, ගම්පහ, යාපනය, අනුරාධපුරය සහ ගාල්ල ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය මිනිස් සිරුරට දැඩි ලෙස අහිතකර (Unhealthy) මට්ටම දක්වා සීඝ්රයෙන් පහත වැටී ඇති බව නවතම වායු තත්ත්ව දර්ශක (Air Quality Index - AQI) සිතියම් දත්ත පෙන්වා දෙයි.
නවතම දත්ත සටහන්වලට අනුව, දිවයිනේ ප්‍රදේශ රැසක වායු දූෂණ අගය 150 සීමාව ඉක්මවා ‘අහිතකර’ කාණ්ඩය (රතු කලාපය) වෙත ළඟා වී තිබේ.
- උතුරු පළාත: කිලිනොච්චිය (189 සහ 154), යාපනය (165)
- බස්නාහිර පළාත: කොළඹ සහ ඒ අවට තදාසන්න කලාපය (170 සිට 179 දක්වා)
- උතුරු මැද සහ නැගෙනහිර: අනුරාධපුරය (176), ත්‍රිකුණාමලය (173), මඩකලපුව (151 - 160)
- දකුණු පළාත: ගාල්ල (181)
මහනුවර (106) ඇතුළු මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශ සංවේදී කණ්ඩායම්වලට අහිතකර තත්ත්වයක (තැඹිලි කලාපය) පවතින අතර, බදුල්ල ආශ්රිත ඇතැම් ප්‍රදේශවල පමණක් මධ්‍යස්ථ මට්ටමක් (අගය 71ක් ලෙස කහ කලාපය) සටහන්ව තිබේ.
මෙම වායු දූෂණ තත්ත්වය හමුවේ කුඩා ළමුන්, ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් මෙන්ම ඇදුම සහ ශ්වසන ආබාධ සහිත සංවේදී පුද්ගලයන් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරතවීම හැකිතාක් සීමා කළ යුතු බවත්, එළිමහනට යන්නේ නම් නිසි ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණ (N95 හෝ ශල්‍ය මුඛ ආවරණ) පළඳින ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවට උපදෙස් දෙයි.
Severe Air Pollution Threatens Public Health in Major Sri Lankan Cities
The air quality across several regions in Sri Lanka, including Colombo, Gampaha, Jaffna, Anuradhapura, and Galle, has plummeted to alarming levels, presenting serious health risks, according to the latest Air Quality Index (AQI) data.
Current records indicate that numerous areas on the island have surpassed the pollution threshold of 150, categorizing them as 'unhealthy' within the red zone.
- Northern Province: Kilinochchi (189 and 154), Jaffna (165)
- Western Province: Colombo and nearby areas (ranging from 170 to 179)
- North Central and Eastern Provinces: Anuradhapura (176), Trincomalee (173), Madakalpuwa (151 - 160)
- Southern Province: Galle (181)
In the Central Highlands, certain regions including Kandy are experiencing detrimental air quality levels (alert zone) while areas around Badulla report moderate levels (yellow zone with a reading of 71).
The health authorities emphasize that vulnerable groups, such as young children, pregnant women, the elderly, and individuals with respiratory conditions, should minimize outdoor activities amid the prevailing pollution. When venturing outside, the public is advised to use appropriate protective face coverings, such as N95 or surgical masks, to mitigate health risks.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
