බීමත්ව මගී ප්‍රවාහන ලංගම බස් රථයක් ධාවනය කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ රියැදුරෙකුගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට කොළඹ අලුත්කඩේ අංක 07 අධිකරණය නියෝග කර තිබේ.
ඊට අමතරව අදාළ රියැදුරා වෙත රුපියල් 35,000ක දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වාර්තා වන අන්දමට, (19) උදෑසන මරදාන පොලිස් වසමේ සංඝරාජ මාවතේදී මාර්ග අංක 05 ඔස්සේ කොළඹ සිට කුරුණෑගල බලා මගීන් පටවාගෙන ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් නවතා පරීක්ෂා කිරීමට මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර ඇත.
කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා රියැදුරා බස් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය හඹා ගොස් නවත්වා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. එහිදී බස් රථයේ රියැදුරා දැඩි ලෙස බීමත්ව සිටින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණ මගින් බීමත්කම තහවුරු කරගෙන ඇත.
මෙසේ වරදකරු වී රියැදුරු බලපත්‍රය අහිමි වී ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ලංගම බස් රථ රියැදුරෙකි.
Colombo Court Revokes Bus Driver’s License for Drunk Driving
The license of a bus driver who operated a passenger transport vehicle under the influence, disregarding police orders, has been revoked for life by the Colombo Aluthkade Court.
In addition, the court has imposed a fine of 35,000 rupees on the driver, as noted in a statement released by the police media division.
Reports indicate that on the morning of the incident, officers from the Maradana police were conducting checks on a Sri Lanka Transport Board bus traveling from Colombo to Kurunegala via Sangharaja Mawatha, route number 05, when they signaled the vehicle to stop.
However, the driver ignored the police instructions and continued driving. In response, officers promptly pursued the bus and brought it to a halt for inspection. During the evaluation, it was observed that the driver was heavily intoxicated, leading to his arrest and subsequent confirmation of his blood alcohol level through medical testing.
The driver, a 58-year-old residing in the Narammala area, has consequently lost his driving license due to his reckless behavior.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮