බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුවක්.. ඉන්ධන රැස් කිරීමට ජනතාව බාල්දි, කෑන් රැගෙන කාණු දිගේ පොරකති


 කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) පෙරවරුවේ ඩීසල් ඉන්ධන කාන්දුවක් හටගෙන තිබේ.

ඉන්ධන ගබඩා සංකීර්ණය තුළින් කාන්දු වූ ඩීසල්, පරිශ්‍රයේ අපවහන කාණු පද්ධතිය ඔස්සේ ප්‍රධාන මාර්ගය දෙසට ගලා ඒමත් සමඟ, අවට පදිංචිකරුවන් බාල්දි, බූලි සහ ප්ලාස්ටික් කෑන් රැගෙන එම ඉන්ධන එකතු කරගැනීම සඳහා කාණු අසලට එක්රොක් වී ඇත.

මෙසේ එකතු වන ජනතාව දැඩි ලෙස විෂ සහිත ඉන්ධන වාෂ්ප ආශ්වාස කරමින් සහ සිදුවිය හැකි ගිනි උවදුර නොතකමින් ඉන්ධන එකතු කිරීමේ නිරත වන අයුරු දැකගත හැකි විය.

නාගරික ජනාකීර්ණ කලාපයක කාණු පද්ධතියක් ඔස්සේ මෙලෙස ඉන්ධන ගලායාම ඉතා භයානක ගිනි උවදුරක් දක්වා වර්ධනය වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. 





Diesel Fuel Leak Causes Panic in Colombo's Bloemendhal Area

This morning, a significant diesel fuel leakage occurred at a storage facility in the Bloemendhal area of Colombo. The incident has raised serious safety concerns among local residents.

The leak, originating from the fuel storage complex, flowed into the area’s drainage system and headed toward the main road. Witnesses observed residents rushing to collect the spilled diesel using buckets, bowls, and plastic containers, attempting to salvage the fuel.

Despite the evident risks of toxic vapors surrounding the area, many continued to gather the fuel, seemingly unaware of the potential for a catastrophic fire outbreak. The sight of people engaging in such behavior amidst hazardous conditions underscored the alarming situation.

Authorities have highlighted that the fuel flow through an urban drainage system poses a significant risk of escalating into a major fire hazard, emphasizing the urgent need for public safety measures in response to this incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. පුනරුදය වැඩිවෙලා පාරවල් දිගේ තෙල් ගලනවා, නැද්ද හා?

    ReplyDelete
Previous Post Next Post