ඉරාන තර්ජන හමුවේ බ්‍රිතාන්‍යයේ ඇමෙරිකානු යුද ගුවන් යානා ඉවත් කරගනී...


 ඉරානයෙන් එල්ල විය හැකි බරපතළ ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගනිමින්, බ්‍රිතාන්‍යයේ පිහිටි දෙවන ගුවන් හමුදා කඳවුරෙන් ද සිය යුද ගුවන් යානා ඉවත් කර ගැනීමට ඇමෙරිකානු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව Wall Street Journal වාර්තා කරයි.

එම පුවත්පත සඳහන් කරන්නේ, බ්‍රිතාන්‍යයේ සෆොක් ප්‍රදේශයේ පිහිටි ‘රෝයල් එයාර් ෆෝස් මිල්ඩෙන්හෝල්’ ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබූ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවලට ඉන්ධන පිරවුම් ටැංකි යානා දෙකක් ජර්මනිය වෙත හරවා යවා ඇති බවයි. ඊට අමතරව එම කඳවුරේ තිබූ තවත් මෙහෙයුම් සහායක ගුවන් යානා කිහිපයක් ද ජර්මනිය ඇතුළු යුරෝපයේ වෙනත් කඳවුරු කරා කඩිනමින් මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ‘මිල්ඩෙන්හෝල්’ සහ ‘ලේකන්හීත්’ යන කඳවුරුවල ආරක්ෂක තත්ත්වය ‘එෆ්පීකොන් චාලි’ මට්ටම දක්වා ඉහළ නංවා ඇති බව ඇමෙරිකානු නිලධාරීන් තහවුරු කර ඇත. ‘එෆ්පීකොන් චාලි’ යනු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ ඉහළ සම්භාවිතාවක් හෝ පැහැදිලි බුද්ධි තොරතුරක් ලැබුණු විට ක්‍රියාත්මක කෙරෙන, ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු දෙවන ඉහළම හදිසි ආරක්ෂක සීරුවෙන් තැබීමේ සංඥාවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ වෙනත් රටවල හමුදා මෙහෙයුම් කටයුතු පිළිබඳව සාමාන්‍යයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවත්, මෙහෙයුම් අවශ්‍යතා මත ගුවන් යානා ස්ථාන මාරු කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්ය. ඇමෙරිකානු ගුවන් හමුදාව ද මෙහෙයුම් රහස්‍යභාවය මත වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.





US Military Steps Up Security Measures Amid Iranian Threats

In response to potential severe security threats from Iran, the United States has begun the process of relocating its military aircraft from the Royal Air Force's Mildenhall base in the UK, according to reports from the Wall Street Journal.

The report notes that two refueling tanker aircraft previously stationed at Mildenhall have already been transferred to Germany. Additionally, several support aircraft from the base are also being quickly reassigned to other military locations across Europe.

American officials have confirmed that the security status at Mildenhall and another base, Lakenheath, has been elevated to 'FP-Con Charlie' level. This heightened alert signifies a higher likelihood of terrorist attacks or the receipt of clear intelligence regarding potential threats, leading to the second-highest emergency security warning from the U.S. Department of Defense.

A spokesperson for the British Ministry of Defence remarked that they typically refrain from publicly commenting on military operations in other countries. He added that relocating aircraft as a necessary operational procedure is commonplace. The U.S. Air Force has declined to provide further details, citing operational confidentiality.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post