ජනතා ප‍්‍රශ්ණ කිසිවකට අයවැයෙන් උත්තර නෑ..


 ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අයවැය මඟින් රට හමුවේ පවතින උග්‍ර ආර්ථික හා සමාජීය ගැටලුවලට කිසිදු තිරසාර විසඳුමක් ඉදිරිපත් කර නොමැති බවත්, විශේෂයෙන්ම මෙරට තාරුණ්‍යය මුළුමනින්ම නොසලකා හැර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා චෝදනා කරයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, වර්තමාන ‘මිලේනියල්’ (Millennials) සහ ‘ජෙන් සී’ (Gen Z) පරම්පරා නියෝජනය කරන තරුණ ප්‍රජාවගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කිසිදු සාධනීය යෝජනාවක් අයවැය ලේඛනයට ඇතුළත් කර නොමැති බවයි. 

ගෝලීය වශයෙන් නවීන තාක්ෂණය වේගයෙන් දියුණු වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව තවමත් ඒ සම්බන්ධයෙන් පසුවන්නේ ඉතා මන්දගාමී මට්ටමක බවත්, නව තාක්ෂණික මාවත් ඔස්සේ තරුණ පරපුරට රැකියා උත්පාදනය කිරීමේ කිසිදු දැක්මක් ආණ්ඩුව සතුව නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

ඉදිරි ආර්ථික අභියෝග පිළිබඳව කරුණු පැහැදිලි කළ හිටපු අමාත්‍යවරයා, 2028 වසර වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා ඉහළ නංවාගත යුතුව ඇති බව සඳහන් කළේය. එසේම එම වසර වන විට වාර්ෂිකව ජාත්‍යන්තර ආයතන වෙත ඩොලර් බිලියන 3.5ත් 4ත් අතර විදේශ ණය ප්‍රමාණයක් පියවීමට සිදුවන නමුත්, එම ණය ගෙවීම් කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් අයවැය මඟින් සිදු කර නොමැති බව ද ඒ මහතා මතක් කර දුන්නේය.

මෙහිදී අතීත ආර්ථික අර්බුද හා ඒවා ජයගත් ආකාරය පිළිබඳ පසුබිම සිහිපත් කළ වජිර අබේවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

"රට ආර්ථික අර්බුදයකට ගමන් කරන බැවින් සියලු දේශපාලන පක්ෂ එක්ව ජනතාවට සත්‍යය පැහැදිලි කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේ සිටම පෙන්වා දුන්නා. එසේ නොවීම නිසා 2013-2014 වන විට ආර්ථිකය කඩා වැටුණද, 2015 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය තෙල්, ගෑස්, විදුලි ගාස්තු පහත හෙළමින් සහ වැටුප් වැඩිකරමින් ආර්ථිකය ස්ථාවර කළා. නැවත 2020 න් පසු ඇති වූ විනාශකාරී ආර්ථික බිඳවැටීම හමුවේ 2022 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ දූරදර්ශී රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් හරහා රට යළි නිවැරදි දිශාවට යොමු කළා. එහෙත් 2024 දී ජනතාව එම ගමන් මඟ බිඳ දැමූ අතර, අද පාලනය භාරගෙන සිටින පාර්ශ්වයට ඒ සඳහා කිසිදු නිශ්චිත සැලැස්මක් හෝ දැක්මක් නැහැ."

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ක්‍රියාදාමය සම්බන්ධයෙන් ද රජය සම්මත පිළිවෙතින් බැහැරව කටයුතු කරන බවට එජාප සභාපතිවරයා චෝදනා කළේය. ලොව සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එක්ව අදාළ සාකච්ඡා පවත්වා ‘අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය’ (Letter of Intent) අත්සන් කර කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව ක්‍රියාත්මක කිරීම වුවද, වත්මන් පාලනය ඊට පරිබාහිරව වෙනම කමිටු පත් කරමින් සිටින බවත්, එමඟින් රජය අභ්‍යන්තරයේ බරපතළ මතභේද සහ බෙදීම් පවතින බව තහවුරු වන බවත් හෙතෙම කියා සිටියේය.

මීට අමතරව, මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරයක් සිය මාසික වැටුපෙන් 60%කට අධික ප්‍රමාණයක් ණය වාරික සඳහා ගෙවමින් විදුලිය, ජලය සහ දුරකථන බිල්පත් පවා ගෙවාගත නොහැකි දැඩි ආර්ථික අගාධයක පසුවන බව ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම සාමාන්‍ය ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය හා සීට්ටු ණය උගුල්වල සිරවී, බැංකු පද්ධතිය තුළ පමණක් රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න රන් භාණ්ඩ උගස් තබා අසරණව සිටින වාතාවරණයක, ඔවුන් මුදාගැනීමේ කිසිදු සහනශීලී පරිසරයක් මෙම අයවැය තුළ නිර්මාණය කර නොමැති බව හෙතෙම සඳහන් කළේය.





No Sustainable Solutions to Economic Crisis in National Budget, Says Former Minister Wajira Abeywardena

The national budget presented by President and Finance Minister Anura Kumara Dissanayake fails to offer any sustainable solutions to the pressing economic and social issues currently facing the country, particularly disregarding the needs of the youth, claims Wajira Abeywardena, chairman of the United National Party and former minister.

In a pointed statement, Abeywardena highlighted that the budget lacks tangible proposals aimed at safeguarding the future of the current young generations, including Millennials and Generation Z. He emphasized the urgency for innovative measures to address these concerns as the world rapidly advances with modern technology.

He expressed serious concern that Sri Lanka is lagging significantly behind in technological advancement and lamented the absence of a vision from the government to create job opportunities for the youth through new technological pathways.

Clarifying the economic challenges ahead, the former minister noted that by 2028, Sri Lanka must increase its foreign reserves to USD 13 billion. He pointed out that, in that same year, the country would need to repay between USD 3.5 billion and 4 billion in foreign loans but criticized the budget for failing to provide clarity on managing these repayments.

Reflecting on past economic crises and their resolutions, Abeywardena recalled that in 2001, Ranil Wickremesinghe stressed the importance of political unity in conveying the truth to the populace, a key factor that contributed to economic collapse by 2013-2014. He mentioned that the UNP government, which came to power in 2015, managed to stabilize the economy by reducing fuel, gas, and electricity tariffs while increasing salaries. However, the devastating economic collapse post-2020 led to Wickremesinghe taking charge in 2022, steering the country back on track through engagement with the International Monetary Fund and strategic fiscal measures. He lamented that by 2024, the public would likely disrupt this recovery path, with the current administration lacking any definitive plans or visions to address ongoing issues.

Abeywardena also accused the government of acting unilaterally in its dealings with the International Monetary Fund (IMF). He remarked that while the standard protocol involves collaboration between the Finance Ministry, the Central Bank, and other financial institutions to discuss and sign an 'Letter of Intent' with cabinet approval, the current government is bypassing established norms by appointing separate committees. This approach raises concerns about internal divisions and serious disagreements within the government.

Furthermore, he pointed out that a significant portion of the country’s civil servants are burdened, paying over 60% of their monthly salaries towards loan repayments, leaving them unable to cover basic bills for electricity, water, and telecommunications. He described a dire economic predicament where the general public remains trapped in microfinance loans and credit cycles, with approximately three trillion rupees in assets tied up in the banking system, yet no supportive framework has been established in this budget to assist them.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post