චෙක්පත් වංචාවකට ගුවන්සේවා ලොක්කෙක් රිමාන්ඩ්...


 දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රකට ආයතනයක ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ගුවන් හමුදා නිලධාරී නිලධාරියෙකු මීගමුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රුපියල් ලක්ෂ 104ක මුදලක් ව්‍යාජ ලේඛන සකසා ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා වීමෙන් පසු (11) මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

රුපියල් ලක්ෂ 104ක මුදලක් ව්‍යාජ ලේඛන සකසා ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මීගමුව සම්පත් බැංකු ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකින් රුපියල් ලක්ෂ 104ක මුදලක් වංචනිකව ලබාගෙන ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබිණි.

අදාළ චෙක්පත සඳහා භාවිත කර ඇත්තේ සමාගමේ ප්‍රධාන ආයෝජිකාවගේ අත්සනට සමාන ව්‍යාජ සටහනක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධියට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබේ.

රත්මලාන ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගනිමින් ගුවන් ගමන් මෙහෙයුම් සිදුකරන මෙම සමාගම ආරම්භ කර මුල් මාස හය ඇතුළත  හිටපු ගුවන් හමුදා නිලධාරී නිලධාරිය මෙහෙයුම් කටයුතු භාරව සම්බන්ධ වී ඇත.

පසුකාලීනව ආයෝජිකාව විසින් ඔහු වෙත සමාගමේ කොටස් හිමිකාරිත්වයක්ද පවරා දී ඇති පසුබිමක, ආයතනයේ මූල්‍ය පාලනය තුළ බරපතල අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට පාර්ශ්වයන් අතර මතභේද හටගෙන තිබිණි.

දේශීය බැංකු ගිණුමකින් මුදල් ලබාගැනීමේ සිදුවීමට පරිබාහිරව, ඇමෙරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් තවත් මුදල් අක්‍රමිකතා හතරක් සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව විශේෂ විමර්ශන ක්‍රියාත්මක වේ.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.





Former Air Force Officer Arrested Over Fraudulent Transactions

A former Air Force officer, who served as the head of a prominent local aviation company, has been apprehended by the Minuwangoda Police and remanded in custody. This action follows allegations of the fraudulent acquisition of 10.4 million Sri Lankan rupees through falsified documents.

The arrest occurred after the court received evidence related to the case on the 11th. Police reports indicate that a complaint was lodged regarding the illicit withdrawal of this substantial amount from an account at the Minuwangoda branch of the Resources Bank.

Investigations have revealed that a forged signature replicating that of the main investor of the company was utilized for the fraudulent cheque involved in the incident. Relevant details have been submitted to the Minuwangoda Magistrate's Court for further proceedings.

The airline, which operates out of Ratmalana Airport, was established by the accused, who managed operations within the first six months of its formation. Following this period, tensions arose among stakeholders, with disagreements over financial mismanagement within the institution, particularly after shares were transferred to the former officer.

In addition to the alleged local bank fraud, investigations are also being carried out regarding four other financial irregularities involving sums exceeding one million US dollars. Police authorities are actively pursuing these leads.

The suspect has been detained in remand custody by the Minuwangoda Magistrate's Court pending further investigation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post