කර්මාන්තශාලාවක හටගත් හදිසි ගින්න හේතුවෙන් පැතිර ගිය දුහුවිල්ල සහ විෂ රසායනික අපද්‍රව්‍ය පිළිබඳ සොයා බැලීමට පැමිණි අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කර අනියත බියක් ඇති නොකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී පාර්ශ්වයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.
සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් දෙසීයක පමණ දුරින් පිහිටි නිවෙස්වලට පවා මෙම ගින්න නිසා ඇති වූ අළු සහ දුහුවිලි පතිත වී ඇති බවට චෝදනා කළ ප්‍රදේශවාසීන්, එම පරිශ්‍රයේ ඉතිරිව ඇති විෂ රසායනික ද්‍රව්‍ය වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් බැහැර කිරීමෙන් තවත් පිරිසක් අනතුරේ හෙළීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටියේය.
තවද, ගින්න නිවීමට යෙදූ ජලය හරහා භූගත ජලයට හෝ අවට පරිසරයට රසායනික ද්‍රව්‍ය කාන්දු වී ඇත්දැයි ජනතාව තුළ දැඩි සැකයක් මතුව තිබිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කළේ, ඕනෑම විශාල ගින්නක් මැඬපැවැත්වීමේදී ජලය යෙදීම සාමාන්‍ය ක්‍රමවේදය වන අතර, එවැනි අවස්ථාවක පදනම් විරහිතව කැඩ්මියම් හෝ වෙනත් විෂ රසායනික ද්‍රව්‍ය පොළොවට කාන්දු වී ඇතැයි පූර්ව නිගමනවලට නොඑළඹිය යුතු බවයි.
නිල විද්‍යාත්මක වාර්තා ලැබීමට පෙර ගස්වල පලතුරු පවා ආහාරයට ගත නොහැකි බව පවසමින් ජනතාව භීතියට පත් කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි ආපදා තත්ත්වයකදී දේශපාලන වාසි නොසලකා සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව සඳහන් කළේය.
Minister Anil Jayathilake Addresses Community Concerns Following Factory Fire
A recent fire at a factory has sparked heated discussions between Minister of Environment, Anil Jayathilake, and local residents who gathered to voice their concerns about the smoke and potentially hazardous chemicals released by the incident.
As inquiries continue into the situation, the minister urged the public to refrain from making premature statements that could instill unnecessary fear before scientific reports are available.
Residents have reported that ash and smoke from the blaze reached homes situated merely 30 meters away, raising alarm about the potential spread of chemical substances found in the area. They called for caution, emphasizing the importance of safely moving any remaining hazardous materials to prevent further threats.
Additionally, there is rising suspicion among residents regarding the possibility of chemical contaminants entering groundwater or affecting the surrounding environment through water used to extinguish the fire.
Jayathilake emphasized the standard practice of using water to combat large fires, warning against jumping to conclusions about toxic chemicals like cadmium leaching into the soil without scientific evidence. He cautioned that disseminating alarming information about the suitability of local fruits for consumption before official scientific assessments could lead to unwarranted panic.
In light of the crisis, the minister highlighted the necessity for collective action, urging all parties to collaborate for the greater good and set aside political gains during such emergencies.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
