චණ්ඩ සුළි කුණාටුවක් ලංකාව ඉදිරියේ.. කාළගුණයෙන් රතු නිවේදන...


 ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමේ  ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් නැගෙනහිර ගැඹුරු මුහුද ආශ්‍රිතව යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ‘රතු’ නිවේදනයක්  නිකුත් කිරීමට ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

මඩකලපුව වෙරළට කිලෝමීටර් 650ක් පමණ ඈතින් නැගෙනහිර මුහුදේ ස්ථානගතව පැවති මෙම අඩු පීඩන කලාපය, දිවයිනේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතී.

කාලගුණ නිවේදනයට අනුව, මෙම පද්ධතිය,

  • 15 දින වන විට ‘පීඩන අවපාතයක්’ (Depression) දක්වාත්,
  • නොවැම්බර් 16 වැනිදා පෙරවරුව වන විට ‘ගැඹුරු පීඩන අවපාතයක්’ (Deep Depression) දක්වාත්,
  • එදින (16) පස්වරුව වන විට ‘සුළි කුණාටුවක්’ (Cyclonic Storm) දක්වාත්,
  • නොවැම්බර් 18 වැනිදා වන විට ‘චණ්ඩ සුළි කුණාටුවක්’ (Severe Cyclonic Storm) දක්වාත් තවදුරටත් තීව්‍ර වෙමින් ගමන් කිරීමට ඉඩ ඇත.

පවතින දැඩි සුළං සහ රළු මුහුදු තත්ත්වය හමුවේ උතුරු අක්ෂාංශ 05 ත් 15 ත්, නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු කලාපයට මෙන්ම, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස අවධාරණය කෙරේ.

දැනටමත් මෙම මුහුදු කලාපවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කළ යුතු අතර, මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.






Severe Weather Warning Issued as Low-Pressure System Develops in Eastern Sri Lanka

The Department of Meteorology has raised alarm over a low-pressure area located in the eastern Bay of Bengal, which is expected to intensify into a cyclonic storm in the coming days.

In light of this forecast, the National Disaster Warning Centre has swiftly issued a 'red' alert for multi-day fishing vessels and the maritime community to ensure their immediate safety.

This low-pressure system is currently situated approximately 650 kilometers east of the Madakalapu coastline, moving northwest towards the northern part of the island. Meteorological reports indicate that it may evolve into a:

  • Depression by November 15,
  • Deep Depression by the early morning of November 16,
  • Cyclonic Storm by the evening of November 16, and potentially into a
  • Severe Cyclonic Storm by November 18.

As strong winds and rough seas are anticipated, authorities are advising against maritime activities in the sea area between latitudes 5°N to 15°N and longitudes 80°E to 90°E. This includes the coastal waters stretching from Kankesanturai to Trincomalee to Pottuvil and down to Hambantota.

Fishermen and those engaged in naval operations within these waters are urged to seek safe harbor immediately and to remain vigilant for further announcements as the situation develops.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post