දෙමළ ජාතික දේශපාලන කරළියේ කැපී පෙනෙන මෙන්ම ආන්දෝලනාත්මක හඬක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහලිංගම් කනගලිංගම් හෙවත් එම්.කේ. ශිවාජිලිංගම් මහතා සෙනසුරාදා (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 69 වැනි වියේ පසු විය.
දිගු කලක් රෝගාතුරව සිටි ඒ මහතා පසුගිය ජුනි මස 11 වැනිදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී සංකීර්ණ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට ද මුහුණ දුන්නේය.
සැත්කමින් පසුව ද සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීම හේතුවෙන් නොවැම්බර් 03 වැනිදා පේදුරුතුඩුව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.
අනතුරුව වැල්වැටිතුරෙයි රෝහලෙන් සහ සිය නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා සිය දේශපාලන ජීවිතය ඇරඹූ ශිවාජිලිංගම් මහතා, දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරමින් 2001 සහ 2004 මහ මැතිවරණවලදී යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ඉන් අනතුරුව 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් ද තේරී පත් වූ ඔහු, පසුකාලීනව ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව දෙමළ ජාතික පක්ෂයේ (TNP) මහ ලේකම් ධුරය හෙබවීය.
උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔහු, යුද්ධය නිමාවීමෙන් පසුව දෙමළ ජාතික සැමරුම් වැඩසටහන් හා විරෝධතා සංවිධානය කිරීමෙහිලා ප්රමුඛව ක්‍රියා කළ සුවිශේෂී දේශපාලන චරිතයක් ලෙස සැලකේ
Prominent Tamil Politician M.K. Shivajilingam Passes Away at 69
M.K. Shivajilingam, a notable and controversial figure in Sri Lankan Tamil politics, passed away on Saturday night (14), at the age of 69. His death marks the end of a significant chapter in a political career that has left a lasting impact on the community.
Shivajilingam had been battling health issues for a prolonged period. He underwent a complex kidney surgery at a private hospital in Colombo on June 11 of this year. Following the surgery, his health declined, leading to his admission to the intensive care unit at the Peddaruthuduwa Hospital on November 3.
He eventually succumbed to his health complications while receiving treatment, both from the hospital and at his residence.
Shivajilingam began his political journey through the Tamil Eelam Liberation Organization (TELO), and he made his mark as a Member of Parliament representing the Jaffna District during the 2001 and 2004 general elections under the Tamil National Alliance (TNA).
In 2013, he was elected as a provincial council member in the Northern Province. Afterward, he left TELO and took on the role of General Secretary of the Tamil National Party (TNP).
A staunch advocate for the political rights of the Tamil people in the North and East, Shivajilingam played a pivotal role in organizing commemorative events and protests following the end of the war, establishing himself as a prominent political figure in the struggle for Tamil rights.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හොඳයි සතුටුයි
ReplyDelete