ලාෆ් මිල වැඩි කිරීමෙල් ලිත්‍රො වෙත අමතර පීඩනයක්...


 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල ගණන් (13) ඉතා විශාල මුදලකින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. මෙම දැවැන්ත මිල සංශෝධනය හේතුවෙන් වෙළෙඳපොළ පාරිභෝගික ඉල්ලුම රජයට අයත් ලිත්‍රෝ ගෑස් වෙත එක්වරම නැඹුරු වීමෙන් ලිත්‍රෝ සමාගමට දැඩි මෙහෙයුම් සහ සැපයුම් පීඩනයක් එල්ල වීමේ අවදානමක් මතුව ඇත.

ලාෆ්ස් සමාගම නිවේදනය කළ නව මිල ගණන්වලට අනුව, කිලෝග්‍රෑම් 12.5 ක බරින් යුත් ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් ඉහළ දමා ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 6,740 ක් දක්වා ඉහළ යනු ඇත. මීට අමතරව කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,720 ක් ලෙස සටහන් වේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ලිත්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩර අතර පවතින මිල පරතරය පෙර නොවූ ලෙස පුළුල් වී තිබේ. දැනට වෙළෙඳපොළේ පවතින ලිත්‍රෝ ගෑස් මිල ගණන්වලට වඩා ලාෆ්ස් ගෑස් මිල ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්, මෙතෙක් ලාෆ්ස් ගෑස් පරිභෝජනය කළ පාරිභෝගිකයින් මෙන්ම ආපනශාලා සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් විශාල වශයෙන් ලිත්‍රෝ ගෑස් මිලදී ගැනීමට පෙළඹෙනු ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ලිත්‍රෝ ගෑස් සිලින්ඩර සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම එක්වරම ඉහළ යා හැකි අතර, එම අමතර ඉල්ලුම සපුරාලීම සඳහා වැඩි ගෑස් තොග ආනයනය කිරීමට සහ බෙදාහැරීම් ජාල පුළුල් කිරීමට ලිත්‍රෝ සමාගමට සිදුවනු ඇත. 

එසේම හිස් සිලින්ඩර හුවමාරු කිරීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටලු හේතුවෙන් වෙළෙඳපොළ තුළ යළිත් කෘත්‍රිම හිඟයක් හෝ පෝලිම් නිර්මාණය වීමේ අවදානමක් මතුවිය හැකි බවට ද අනතුරු ඇඟවේ.





Significant Price Hike in Domestic LPG by Laugfs Raises Concerns for Litro

The domestic liquefied petroleum gas (LPG) market is bracing for upheaval as Laugfs Gas announced substantial price increases, potentially displacing consumer demand towards its competitor, Litro Gas. This shift is poised to place immense operational and supply pressures on Litro, which is state-owned.

According to the revised pricing structure disclosed by Laugfs, the cost of a 12.5-kilogram domestic LPG cylinder will rise by Rs. 1,775, pushing the new retail price to Rs. 6,740. Additionally, the price of a 5-kilogram cylinder has been raised by Rs. 732, now costing Rs. 2,720.

This price adjustment has widened the gap between Laugfs and Litro gas prices to unprecedented levels. With Laugfs now significantly more expensive than Litro, consumers—particularly households, restaurants, and small businesses that have previously relied on Laugfs—are increasingly likely to turn to Litro for their gas needs.

As a consequence, demand for Litro gas cylinders could surge, leading the company to bolster its imports and expand distribution networks to meet this influx. However, there are warnings that the ongoing challenges faced by customers in exchanging empty cylinders could create an artificial shortage or bottleneck in the market.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post