අගමැතිනි කියන්නේ බොරු.. අයවැය ගුරු බලාපොරොත්තු සුන් කලා..- ස්ටාලින්


ජනාධිපතිවරයා පසුගිය දොළොස්වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මේ රටේ අධ්‍යාපනය මෙන්ම ගුරු විදුහල්පතිවරු සම්පූර්ණයෙන්ම අමතක කළ අයවැයක් බව ලංකා ගුරු සංගමය කියයි. 

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවේ ඉතිරි කොටස් පියවීම ගැන අයවැයේ කිසිම සඳහනක් නොමැති බවට ද එම සංගමය චෝදනා කරයි. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වෙන් කරනවා යැයි පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජන බලවේගයට දැන් ඒ පොරොන්දු අමතකව ගොස් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

“2027 වර්ෂය සඳහා වන අයවැය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අමතක කළ අයවැයක් හැටියටයි අපි දකින්නේ. මේ ආණ්ඩුවට ගුරු විදුහල්පතිවරු ගැන කිසිම හැඟීමක් නැහැ කියන එක මේ අයවැයෙන් හොඳටම ඔප්පු වුණා. ඒ නිසා 2027 වර්ෂය සඳහා ඉදිරිපත් වූ අයවැය ගැන ගුරු විදුහල්පතිවරුන්ට නම් කිසිම පැහැදීමක් නෑ.

2027 වර්ෂය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට සියයට 12 ක් වෙන් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යවරිය කළ ප්‍රකාශය බොරුවක්. අපි ඉල්ලුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් මිස රජයේ සමස්ත වියදමෙන් සියයට හයක් නොවෙයි. 

2027 වර්ෂය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට රුපියල් බිලියන 749ක් වෙන් කරලා තියෙනවා. එය රජයේ සමස්ත වියදමෙන් සියයට 12.12ක ප්‍රමාණයක් කියලයි අගමැතිවරිය කිව්වේ. ඒ කතාවෙන් අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්න කියූ කතාව වහන්න බෑ. අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්න කියලා අරගල කළ පිරිසම දැන් මේ විදිහට රැවටීම් කරනවා කියන්නේ බරපතළ ප්‍රශ්නයක්. 

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා අපි ඉල්ලුවේ නිකම්ම නොවෙයි. පාසලක බිත්තියක තීන්ත ටිකක් ආලේප කරන්න, ඩෙස් එකක් පුටුවක් හදාගන්න වගේ මූලික නඩත්තු කටයුතුවලට පවා අද මව්පියන්ගෙන් මුදල් එකතු කරන්න වෙලා. රජයෙන් පාසල්වලට ලැබෙන ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණවත් නැති නිසයි අද ඒ බරත් මව්පියන් පිට පැටවිලා තියෙන්නේ. අපි සියයට 6ක් ඉල්ලුවේ මව්පියන් මත පැටවී තිබෙන ඒ අසාධාරණ බර නැති කරලා නිදහස් අධ්‍යාපනය සැබෑ ලෙසම සුරක්ෂිත කරන්නයි. අනෙක 2027 වර්ෂය සඳහා වන අයවැය සකස් කළ පිරිසට පාසල් දරුවන්ගේ පෝෂණය ගැනත් අමතක වෙලා.





Concerns Raised Over Education Budget in 2027 Fiscal Plan

The Lanka Teachers' Association has expressed grave concerns regarding the recent budget presented by the President to Parliament on November 12, labeling it as an overt neglect of both education and the welfare of educators. The association emphasizes that the budget completely overlooks the long-standing wage disparities affecting teachers and principals.

According to Joseph Stalin, the Secretary of the Lanka Teachers' Association, commitments made by the current National People's Power regime to allocate 6% of the Gross Domestic Product (GDP) for education have been ignored. "What we are witnessing with the 2027 budget is a total disregard for education. This government has shown a clear lack of concern for teachers and school principals, as evidenced by this budget," he asserted.

Stalin refuted claims made by the Minister of Education that 12% of the budget has been allocated for the education sector, stating that their demand was for 6% of GDP, not 6% of the total government expenditure. He pointed out that the government has earmarked Rs. 749 billion for education, which the Prime Minister claims to be 12.12% of the overall budget. "The assumption that 6% is being allocated to education cannot be dismissed," he added, highlighting the serious issues arising from the disillusionment of those who fought for proper funding for education.

The call for 6% of GDP funding is not arbitrary. Parents are currently compelled to gather funds for basic maintenance activities in schools, such as paint for walls or constructing desks and chairs, due to inadequate governmental support for educational institutions. This scenario has put an unfair financial burden on parents, leading to significant concerns about the sustainability of free education. "Our ask for 6% aims to alleviate this unjust burden from parents and genuinely secure free education for all," Stalin emphasized. He also noted that the individuals responsible for drafting the 2027 budget seem to have completely neglected the nutritional needs of school children.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. අගමැතිනිය කවදද ඇත්තක් කිවිවේ අංකල්?

    ReplyDelete
Previous Post Next Post