ජනාධිපතිවරයා ඉකුත් 12 වැනිදා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාව සියලුම මාණ්ඩලික නිලධාරින් ඇතුළු විධායක නිලධාරින්ට එක් ස්ථානයක සිට සජීවීව නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, එහි ඡායාරූප ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශය සිය ආයතන ප්‍රධානීන්ට දැනුම්දීම රජයේ තීන්දුවක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරයා අයවැය ප්‍රකාශය ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කරන ලද අවස්ථාව සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු විධායක නිලධාරීන් එක් ස්ථානයක සිට සජීවීව නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, එහි ඡායාරූප ගෙන ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියකගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ට යවා තිබූ ලිපිය සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටියහ.
මෙම ලිපිය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) සුජීවා එස්.ගුරුගේ අත්සනින් යුතුව අමාත්‍යාංශයේ ආයතන 11 ක ආයතන ප්‍රධානීන්ට ඉකුත් 11 වැනිදා යවා තිබිණි.
මාධ්‍යවේදියා - ඔබතුමාත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන්නාද මේ විදිහට ඩිජිටල් තිරයක් හරි දාලා එක තැනක සිට අයවැය නරඹන්න කියලා.
ඇමැතිවරයා - “ඕක රජයේ තීන්දුවක් නෙවෙයි. ඇත්තටම මම ඕක දන්නේ නෑ. දැන් තමයි මේක දන්නේ. මට ආයතන ගණනාවක් තිබෙනවා. ඒ කිසිදු ආයතනයක එවැනි දෙයක් සිදුකළේ නෑ. මම ඔය ගැන හොයා බලන්නම්. මොකක්ද වෙලා තියෙන කාරණය කියලා. වෙන කිසිම අමාත්‍යාංශයකින් මේ ගැන පැමිණිල්ලක් හෝ ලැබිලා නෑ, ඔබ කරුණු ඇතිව කියන දේ මම විශ්වාස කරනවා. මමත්, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමාත් මේ වෙනකම් ඒ ගැන අවබෝධයක් නැහැ. රාජ්‍ය, පුද්ගලික හැම නාලිකාවකම අයවැය කතාව සජීවීව විකාශනය කළානේ. කාටත් ඒක බලාගන්න පුළුවන්කම තිබුණා. ආයේ අලුතින් බලවන්න දෙයක් නෑ.“
සාලිය කුමාර ගුණසේකර
Press Secretary Addresses Live Budget Presentation Controversy
In light of the recent budget presentation on December 12, the Cabinet Secretary, Dr. Nalinda Jayatissa, emphasized that there has been no official government directive mandating all divisional and executive officials to view the proceedings from a single location with shared facilities. He addressed the media at a press conference held by the Government Information Department, responding to questions regarding a letter sent to departmental heads by the Ministry of Agriculture.
The communication instructed officials to facilitate the live viewing of the budget presentation at a central venue, while also requesting them to capture and submit photographs of the event. This letter, signed by Additional Secretary Sujeewa Guruge of the Ministry of Agriculture, Livestock, Lands, and Irrigation, was circulated to heads of 11 departmental institutions the day prior, on December 11.
When queried by a journalist about whether digital screens would be provided for this joint viewing experience, the Minister clarified the situation. “This is not a government decision. I only became aware of this issue today. I oversee several institutions, and none of them have implemented such a measure. I will investigate what exactly transpired. To my knowledge, no complaints have come from any other ministry about this issue. I trust the validity of your claims. So far, neither I nor the Director General of the Government Information Department had any awareness of this matter. The budget discussions were broadcast live on every public and private channel, making it accessible for all,” he stated.
This unusual request has sparked curiosity and concern among officials and the media alike, highlighting a potential miscommunication within the agricultural ministry. The expectation remains that all government processes are transparent and accessible to the public and stakeholders involved.
Reported by: Saliya Kumara Gunasekara
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පච ඇසීම අනිවාර්යය කරන පනතක් වහාම ගෙන එනු.
ReplyDeleteකෘෂිකර්ම දෙපාර්තමේන්තුව රජයේ නොවෙයිද?
ReplyDelete