වායු දූෂණය ඉහළට.. Face Mask පළඳින්නැයි දැනුම් දේ...


 ශ්‍රී ලංකාවට බැහැරින් පැමිණෙන සුළං ධාරා හේතුවෙන් කොළඹ, යාපනය, අනුරාධපුරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක වාතයේ අඩංගු අහිතකර ක්ෂුද්‍ර අංශු ප්‍රමාණය (PM10 සහ PM2.5) කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කළ හැකි බැවින්, සංවේදී පුද්ගලයන්ට N95 වර්ගයේ මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදුකරනු ලබන වායු තත්ත්ව පසුවිපරම් දත්තවලට අනුව මෙම තත්ත්වය තහවුරු වී ඇත.

විශේෂයෙන්ම දිවයිනේ උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල මෙන්ම කොළඹ, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය සහ කල්මුණේ යන ප්‍රදේශ ආශ්‍රිතව ද වාතයේ අත්හිටුවන ලද ක්ෂුද්‍ර අංශු මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

වායු තත්ත්ව දර්ශකයට අනුව මෙම වායු දූෂණ මට්ටම හේතුවෙන් ඇදුම, පීනස ඇතුළු ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ වැඩිහිටියන් වැනි සංවේදී පාර්ශ්වයන්ට සෞඛ්‍යමය වශයෙන් සෘජු බලපෑම් එල්ල වීමේ දැඩි අවදානමක් පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි වායු දූෂණ අවස්ථාවලදී පිළිපැදිය යුතු නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම උපදෙස් ජාතික වායු තත්ත්ව වෙබ් අඩවිය වන aq.cea.lk ඔස්සේ මහජනතාවට ලබාගත හැකිය. 

මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කරන්නේ පවතින තත්ත්වය හමුවේ සංවේදී පුද්ගලයන් අනවශ්‍ය ලෙස එළිමහනේ ගැවසීම සීමා කළ යුතු බවත්, එළිමහනට යන්නේ නම් N95 මුඛ ආවරණ භාවිත කිරීම වඩාත් සුදුසු බවත්ය.






Air Quality Alert in Sri Lanka as Pollutants Surge Due to External Winds

The Central Environmental Authority has issued a warning about a significant increase in particulate matter (PM10 and PM2.5) levels in various regions of Sri Lanka, including Colombo, Jaffna, and Anuradhapura, attributed to winds blowing from outside the country. This deteriorating air quality is expected to persist over the coming days, prompting health officials to recommend that sensitive individuals wear N95 masks.

According to air quality monitoring data under the National Environmental Act, the authority confirmed that the current conditions are alarming. Particularly affected areas include Jaffna, Kilinochchi, and Mannar in the Northern Province, as well as Colombo, Anuradhapura, Puttalam, Trincomalee, and Kalmunai, where levels of suspended particulate matter are rapidly rising.

The increase in air pollution poses a serious health risk, especially for vulnerable groups such as those suffering from respiratory illnesses, young children, pregnant women, and the elderly. The Ministry of Health has issued a set of recommendations for the public to follow during such pollution events, which can be accessed through the national air quality website, aq.cea.lk.

The Central Environmental Authority emphasizes the need for sensitive individuals to limit outdoor exposure during these conditions and, if necessary to go outside, to use N95 masks for better protection.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post