ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා වන ඉල්ලීම් ලබාදිය නොහැකි බවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිදුකර ඇති ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවත්, ඊට එරෙහිව එළඹෙන 30 වනදා දිවයින පුරා එක්දින අසනීප නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, අරගල කළ ද වැටුප් ඉල්ලීම් ලබාදිය නොහැකි බවට ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන මහින්ද ජයසිංහ මහතා උද්ධච්ච ප්‍රකාශ සිදුකරමින් සමස්ත ගුරු, විදුහල්පති සහ කම්කරු පන්තියම උපහාසයට ලක්කර ඇති බවයි.
2022 ජනවාරි 01 වනදා සිට ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක (1/3) කොටසක් ලබාදුන් බවත්, ඉතිරි තුනෙන් දෙකක (2/3) කොටස දිනාගැනීම වෙනුවෙන් වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශ්වයන් එදා ඒකාබද්ධව සටන් වැදුණු බවත් ඔහු සිහිපත් කළේය. එසේ තිබියදී, පාලක බලයට පත්වූ පසු එම පොරොන්දු හා ඉල්ලීම් අමතක කරමින් මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් පාලකයින්ගේ සැබෑ ස්වරූපය අනාවරණය වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අසාධාරණයට එරෙහිව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලු සංගම් ඒකාබද්ධව එළඹෙන 30 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාවට නංවන බව ද ස්ටාලින් මහතා තහවුරු කළේය.
ආණ්ඩුවට පක්ෂපාතී ලංකා ගුරු සේවා සංගමය හැර අධ්‍යාපන පද්ධතියේ අනෙකුත් සියලුම ගුරු සහ ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් මෙම ක්‍රියාමාර්ගයට පූර්ණ සහය පළකර ඇති බව ද ඔහු පැවසීය.
වත්මන් රජය බලයට පත්වීමට පෙර පසුගිය ජූනි 26 වනදා කොළඹට 10,000කට අධික ගුරුවරුන් එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් කළ බවත්, කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ පවා ගුරුවරුන් අරගල කළේ මෙම හිඟ වැටුප් කොටස ලබාගැනීමට බවත් සිහිපත් කළ ඒ මහතා, ජනවරම ලබාදුන් ජනතාවගේ ඉල්ලීම් පැත්තකට දමා කටයුතු කිරීමට කිසිදු පාලකයෙකුට ඉඩ නොතබන බවත්, අරගලයෙන් හෝ එම හිමිකම් දිනාගන්නා බවත් අවධාරණය කළේය.
Teachers' Unions Call for Nationwide Sick Leave Strike Amid Salary Disparity Concerns
The news of Deputy Minister of Labour Mahinda Jayasinghe's dismissal of salary disparity demands from teachers and school principals has sparked a major reaction, with plans for a nationwide one-day sick leave strike scheduled for the 30th of this month. Joseph Stalin, General Secretary of the Lanka Teacher's Union, emphasized the seriousness of this issue during a media conference in Colombo.
Stalin criticized Jayasinghe's remarks as not only dismissive but also as an indirect mockery of teachers, principals, and the entire educational workforce. As a current deputy minister and a prominent leader of a trade union, Jayasinghe's statements have raised eyebrows among educators who feel their struggle for fair salaries is being undermined.
Stalin highlighted that, since January 1, 2022, teachers and principals have only received one-third of the requested salary adjustments. He recalled how, on the day of this agreement, Jayasinghe and other stakeholders united to fight for the remaining two-thirds of the owed salary. With this latest statement, it appears the administration has forgotten their commitments, exposing the true nature of those in power, according to Stalin.
In a united front, all unions within the Teachers and Principals' Federation plan to implement professional action, effectively reporting sick as a form of protest against this injustice on the 30th. Stalin confirmed that the Collective of Trade Unions would take this action together.
He noted that, aside from the pro-government Lanka Teacher Service Union, all other teacher and principal associations have expressed full support for these measures. Referring to a massive protest held on June 26, where over 10,000 teachers came together in Colombo despite facing tear gas, Stalin reiterated the unwavering determination of educators to secure their rightful salaries. No government can dismiss the demands of the people, and teachers will continue to strive for their rights through various means, he asserted.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
